කූඨ ලේඛණ හැදු ග්‍රාම නිලධාරී අත්අඩංගුවට
බඩල්කුඹුර මොනරාගල පදිංචි කාන්තාවකට අයත් ඉඩමක දැව හෙළීම සඳහා ඇයගේ අත්සන ව්‍යාජ ලෙස යොදා අත්සන සහතික කර කූඨ ලේඛන සකස්කිරීම සම්බන්ධයෙන් බඩල්කුඹුර 133 බී ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාමනිලධාරීවරයා මහතා (08) වෙනිදා සවස මොනරාගල කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
2017 වසරේ පැමිණිලිකාරිය ප්‍රදේශයෙන් බැහැරව සිටියදී දැව ජාවාරම්කරු විසින් දැව හෙළීම සඳහා අවසර ලබා ගැනීමට දුන්
ලිපියේ යොදා ඇති ව්‍යාජ අත්සන ග්‍රාම නිලධාරීවරයා විවින් මෙලෙස සහතික කර තිබේ. පසුව දැව ජාවාරම්කරු ඇය නොසිටි අවස්ථාවේ ඉඩමේ ගස් කපා අලෙවි කර ඇත.
අනතුරුව ඉඩමේ හිමිකාරිය විසින් ඒ පිළිබඳව බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම්වරයාටත් බඩල්කුඹුර පොලීසියටත් පැමිණිලි කර තිබුණත් දේශපාලන බලපෑම් මත පරීක්ෂණයක් සිදුවී නොතිබිණි.
සිද්ධිය පිළිබඳව වත්මන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව මොනරාගල කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් අදාළ ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු මොනරාගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

