saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 5971 hours ago

LATEST

බදුල්ල-කොළඹ දුම්රිය ධාවනයට බාධා

calendar_today 2022 ජන 09 - 15:09 remove_red_eye - 319  

බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියක් අද (9) දහවල් හාලිඇල දුම්රිය ස්ථානය ආසන්නයේදී පිලීපැනිමට ලක් විමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

රුපියල් 12,000 බැගින් පොහොර මිටි 3ක් විකුණු තරුණයෙකු පැහැර ගෙන ගොස්, ගස් බැඳ පහර දී රුපියල් පනස් දහසක මුදලක් ලබා ගත් සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පරසන්ගස්වැව පොලිසිය පවසයි.

Read More

කොළඹ වරාය නගරයේ පදික මංතීරුව හා සැහැල්ලු යාත්‍රා අංගනය අද (09දා) මහජනතාව වෙත විවෘත කරනු ලැබිය. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත චීන විදේශ අමාත්‍ය වැංග් යී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

Read More

මේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මෙතරම් බය ඇයි කියලා අපි දන්නැහ . එම ආයතනය ණය දෙනු ලබන්නේ රටක ආර්ථික ස්ථායි භාවය ඇති කර ගැනීමටයි. හංගගෙන ඉන්න ඩොලර් ඔක්කොම නැවත එළියට දානවා . අද වන විට ලංකාවෙන් එළියට ගොස් සිටින ශ්‍රමිකයන් ඔවුන්ගේඩොලර් එළියට දාන්නේ නැහැ .ඒ තුළින් මසකට රටට එන ඩොලර් මිලියන 500 කින් පමණ අඩු වී තිබෙනවා . රටේ මුදල් වල තිබෙන අවිනිශ්චිත බව ඊට හේතුවයි .

Read More

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරී ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක එන් ටී එන් කුමාරි මහත්මිය පත්කර තිබේ.

Read More

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන පැමිණි තරුණයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.

Read More

ජනවාරි මස පළමුවැනිදා සිට 6 දා දක්වා වූ කාලය තුළ මේ රටට සංචාරකයන් 16000 අධික ප්‍රමාණයක් පැමිණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව හා ලංකා ඉන්දියානු තෙල් සමාගම පසුගියදා අත්සන් කරනු ලැබු, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය ව්‍යාපෘතිය ගිවිසුමේ අහිතකර කොන්දේසි පිළිබද ජාතික සංවිධාන එකමුතුව තම මතය ජනපති වෙත ලිපියක් මගින් දැනුවත් කලේය.

Read More

නොදන්නා වසංගතයකිනුත් රටවැසියන් බේරා ගෙන ජනතාවට ජීවත්වීමට දෙවතාවක් නිදහස උදා කර දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි වැඩපිළිවෙළට සහාය වීම සැම දෙනාගේ යුතුකමක් සහ වගකීමක් බව මිරිසවැටිය විහාරාධිකාරී රජරට විශ්වවිද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියෝ පවසති.

Read More

වත්මන් ආණ්ඩුව විසින් පසුගිය වසර දෙක තුළ ලබාගත් ණය පිළිබඳව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස් බුක් ගිණුමෙන් ප්‍රකාශයක් කර තිබේ. ඔහු පෙන්වා දෙන්නේ පසුගිය වසර දෙක තුළ ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 5.1කට අසන්න බවයි.

Read More

ශ්‍රී ලංකා මුදලින් සත 60කට තේ කෝපයක් ලබාදෙන් චීන තේ අවන්හලක් පිළිබඳව තොරතුරු චීනයේ විවිධ තොරතුරු ශ්‍රී ලංකාව වෙත සිංහලෙන් ලබාදෙන චීනයේ වරුණි JZ විසින් සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 65ක් පිරීමේ සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණි චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද දිනයේදී ජනපති හා අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිතව තිබේ.

Read More

දිවයිනට ගිණිකොන දිගින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් ඉදිරි දිනවල දිවයිනේ බොහෝ ප්‍ර දේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බූස්ටරයක් ​​ලෙස හදිසි භාවිතය සඳහා අනුමත කරන ලද Sinopharm’s NVSI-06-07 ප්‍රෝටීන් මත පදනම් වූ එන්නත, කොරෝනා වෛරසයේ අක්‍රිය ස්වරූපයක් අඩංගු BBIBP-CorV එන්නතට වඩා වෙනස් තාක්ෂණයක් භාවිත කරයි.

Read More

අපිට මේ පක්ෂය හදල ගන්න අවුරුද්දක කාලයක් තිබෙනව. අවුරුද්දක් වනවිට අපිට මැතිවරණයකට මුහුණ දෙන්න වෙයි. මේ ආණ්ඩුව තුලත් දැන් පිපිරීම් සිදුව තිබෙනව. සුසිල් ප්‍රේමජයන්ත මහතාව එලවල දාල තිබෙනව. සමහර ඇමතිවරුන් රජය තුල සිටිමින් ආණ්ඩුව විවේචනය කරන්න පටන්ගෙන තිබෙනව. ඒ ඇමතිවරුම කියනව දැන් ආණ්ඩුව ෆේල් කියල . දැන් මෙහෙම තත්ත්වයක් තමයි තියෙන්නෙ ආණ්ඩුව තුල.

Read More

දෙදින නිල සංචාරයක් සදහා චීන විදේශ අමාත්‍ය වෑන් යී මහතා අද (08දා) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස 18 දෙනෙකු ද එම ගුවන් යානයෙන් පැමිණ තිබුණි .

Read More

’’ප්‍රශ්නය එන්නත නොවෙයි. එයට හේතුව ඔහු සර්බියානු ජාතිකයෙක් සහ ලෝකයේ හොඳම ටෙනිස් ක්‍රීඩකයා වීමයි’’ ජොකොවික්ගේ රසිකයෝ පවසති.

Read More

ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාමගත් භානුක රාජපක්ෂට ඉදිරියේදී ආරම්භවීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීග තරගාවලිය අහිමිවන තත්ත්වයක් පෙනෙන්ට තිබේ.

Read More

චීනය න්‍යායාත්මකව ප්‍රජා ප්‍රතිශක්තිය ලබාගෙන ඇති බව එරට ඉහළම ශ්වසන විශේෂඥ ෂොං නන්ෂාන් බ්‍රහස්පතින්දා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, ඔහු වැඩි වැඩියෙන් චීන වැසියන්ට බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස ඉල්ලා සිටියේය.

Read More

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සහිත බහාලුම් නිදහස් කර ගැනීම වෙනුවෙන් මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් නිදහස් කර තිබේ.

Read More

ඔමික්‍රොන් මගින් ඇති වන ආසාදන සංඛ්‍යාව රෝහල්වලට දැඩි පීඩනයක් එල්ල කරන බවට සෞඛ්‍ය නිලධාරීන් අනතුරු අඟවා ඇති අතර, සමහරක් සෞඛ්‍ය සේවකයින්ම අසනීප වී සිටින නිසා රෝගීන්ගේ පැමිණීම සමග කටයුතු කිරීම අරගලයක් වී තිබේ.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් විශ්‍රාම ගැනීමට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව රෙගුලාසි කිහිපයක් හඳුන්වා දී තිබේ.

Read More

ගිනිකොනදිග බ්‍රසීලයේ දිය ඇල්ලකට පහළින් ඇති පාෂාණ පතුරක් මෝටර් බෝට්ටු මතට හදිසියේ කඩා වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් හය දෙනෙකු මිය ගොස් නව දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය කියයි. විදුලි බල මණ්ඩලය දැවි තෙල් සැපයීමේ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍ර දේශ රැසකට පස්වරු 5.30 සිට 9.30 දක්වා වරින් වර පැයක විදුලිය කප්පාදුවක් සිදු කෙරිණි.

Read More

ප්‍රවීණ රංගන ශිල්පි රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 84 වැනි වියේ පසුවිය.

Read More

අම්පාර කුමන රක්ෂිතයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා හේනක් වැටලීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කටයුතු කර තිබේ.

Read More

උමං නිර්මාණය කිරීම සඳහා භාවිත කරන යන්ත්‍රයක් ( tunnel-boring machine (TBM)) චීනය විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් නිර්මාණය කර තිබේ.

Read More

මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස චීන විදේශ අමාත්‍ය වැංග් යී මහතා අද (08දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි.

Read More

ඉන්දියාවේ ෆෙඩරල් සෞඛ්‍ය අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ රට තුළට පැමිණෙන සියලුම ජාත්‍යන්තර මගීන් ජනවාරි 11දා සිට දින 7ක නිවෙස් නිරෝධායනයකට ලක්විය යුතු බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.