saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 5840 hours ago

LATEST

ජාතික පාසල් විදුහල්පතිවරුන් පත් කිරීමේදී බලපෑම් වුණාදැයි සොයන්න

calendar_today 2022 පෙබ 08 - 12:08 remove_red_eye - 239  

ජාතික පාසල් සඳහා විදුහල්පතිවරුන් පත් කිරීමේ දී අයදුම්කරුවන්ගෙන් සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේ දී හා ඉන් පසුව සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයට හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුවට අනිතික හෝ අනිසි ලෙස බලපෑමක් සිදුව ඇත්දැයි සොයා බලා කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අධ්‍යාපන ලේකම්වරය

රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , අයිස් මත්ද්‍රව්‍ය , කේරල ගංජා සහ මත්පෙති තොගයක්, ප්‍රවාහනයට යොදාගත් මෝටර් රථ දෙකක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු ඊයේ (07දා) රාත්‍රී අත්අඩංගුවට ගත්බව පානදුර , වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .

Read More

වෙළඳපොලේ නයි මිරිස් කිලෝවක් රු 1900 දක්වා ඉහල ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ පාරිභෝගිකයන් කියා සිටියි.හැටන් රුවන්පුර ජනපදය , බගවන්තලාව , මස්කෙලිය වැනි ප්‍රදේශවල එලවළු වගා කරන ගොවින් නයි මිරිස් වගාව මහ පරිමාණයෙන් සිදු කරන අතර , මෙවර අස්වැන්න අඩුවිම හමුවේ නයි මිරිස් මිල මෙසේ ඉහල ගොස් ඇති බවයි හැටන් ප්‍රදේශයේ වෙලෙන්දුන් පැවසීය.

Read More

පරිවේණාචාර්ය, රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ගුරුවරුන්ට හා රජයේ උපකෘත පාසල්වල ගුරුවරුන්ට රුපියල් 5000 දිමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

ත්‍රීකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ජනවාරි 06 වැනිදා අත්සන් කළ ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා අද (08දා) කටයුතු කළේය.

Read More

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව සඳහා පත්කළ සාමාජිකයන් ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

උතුරු මුහුදට අනවසරයෙන් ඇතුල් වී ධීවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින්ට අයත් යාත්‍රා 135 ක් වෙන්දේසි කිරීමට ඊයේ (07දා)යාපනය කරෙයිනගර් ධීවර වරායෙදී නාවික හමුදාව විසින් පියවර ගෙන තිබුණි.

Read More

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා තෙවැනි මාත්‍රාව ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය. කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ ඔමික්‍රෝන් ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර ගියත් සංකූලතා අඩුවී ඇත්තේ ජනතාව මාත්‍රා දෙකම ලබාගෙන ඇති නිසා බවයි.

Read More

ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැම්මත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් ඊයේ පවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

Read More

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් 2022 අයවැය හරහා හඳුන්වාදුන් සුපර්ගේන් ටැක්ස් (රුපියල් මිලියන 2000ට වැඩි ආදායමක් උපයා ඇති පුද්ගලයන් හා ආයතන අතරින් එක් වරක් පමණක් අය කරන බද්ද) හරහා සේවක අර්ථ සාධක අරමුදල, සේවක භාරකාර අරමුදල හා විශ්‍රාමික පාරිතෝෂිකයෙන්ද බදු අය කිරීමට රජය කටයුතු කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

Read More

රුපියල් කෝටියකට අධික වටිනාමකින් යුත් හෙරොයන් මත්කුඩු කිලෝ 01 ග්‍රෑම් 64ක් සිය සමග සැකකාරියක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය කියයි.

Read More

බදුල්ල නගරයට ඉහලින් පිහිටි අළුගොල්ල කදුමුදුනේ බදුල්ල බෞද්ධ සංගමය විසින් ඉඳිකරන ලද දෙසැත්තෑරියන් බුදුපිළිම වහන්සේගේ නිධන් වස්තු තැන්පත්කිරීමේ පුණ්‍යොත්සවය මේ මස 14,15,16 යන දිනයන්හී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Read More

’’ඔබ කොවිඩ්-19 එන්නත් නියමිත කාලයට ලබාගෙන නොමැති නම්, ශ්‍රී ලංකාවට ගමන් කිරීමෙන් වළකින්න.’’ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන එක්සත් ජනපද මධ්‍යස්ථානය විසින් එරට සංචාරකයන් වෙත දැනුම්දී තිබේ.

Read More

ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

ඉහළ සම්ප්‍රේෂණයක් සහිත ඔමික්‍රෝන් ප්‍රභේදය සමග සටන් කරමින් සිටින දකුණු අප්‍රිකාව එරට ජනතාව වෙත කඩිනම් ප්‍රතිශක්තීකරණයක් ලබාදීමේ එන්නත්කරණය වේගවත් කිරීම සඳහා මෙම පියවර ගෙන තිබේ.

Read More

නව මිල ගණන් මිලි ලීටර් 500 ක ජල බොතලයක් රුපියල් 15 කින් ඉහළට නව මිල රුපියල් 50 යි. ලීටරයේ ජල බෝතලයක් රුපියල් 20කින් ඉහළට නව මිල රුපියල් 70යි. ලීටර එකහමාරක බෝතලයක් රුපියල් 20කින් ඉහළට නව මිල රුපියල් 90යි. ලීටර 5 ක බෝතලයක් රුපියල් 50කින් ඉහළට නව මිල රුපියල් 200 යි. ලීටර 7 ක බෝතලයක් රුපියල් 70කින් ඉහළට නව මිල රුපියල් 240යි.

Read More

මෙම සතිය ආරම්භයේදී මැක්‍රොන් මොස්කව් වෙත පියාසර කළේ යුක්‍රේනය සම්බන්ධයෙන් පවතින ආතතීන් සමනය ඉලක්ක කර ගනිමිනි.

Read More

නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ලෙස තුසිත පී. වනිගසිංහ මහතා නැවත පත් කෙරේ. ඒ මහතා අද (07) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

Read More

ඉස්ලාමීය රාජ්‍යය-කොරාසාන් හෙවත්, ISIS-K යනු ප්‍රාදේශීය ඉස්ලාමීය රාජ්‍ය අනුබද්ධිත ත්‍රස්ත සංවිධානයක් වන අතර, එය ප්‍රථම වරට 2014 දී ප්‍රකට වෙමින්, කලාපය සඳහා පැරණි යෙදුමක් අනුව නම් කර ඇත.

Read More

වත්තේගමදී පස් කන්දකට යටවී පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

නවතම ඇස්තමේන්තුවට අනුව, සුළි කුණාටුව රට පුරා හමා යාමෙන් පසු 69,000කට වැඩි පිරිසක් අවතැන් වී ඇත.

Read More

විදෙස් රටක නිශ්පාදිත ගිනිඅවි දෙකක් සහ ජීව පතුරොම් සමඟ විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතිවරයකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් ඊයේ(7) අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස රේණුකා වීරකෝන් මහත්මිය පත්කර ඇත. අදාළ පත්වීම් ලිපිය ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරි වෙත ලබා දිම අද (07) ගුවන් සේවා හා ආයෝජන කලාප සංවර්ධන අමාත්‍යාංශයේදි සිදු කෙරිණි.

Read More

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

පාර්ලිමේන්තුව රැස්වීමට කාරක සභාව තීරණය කල බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කරයි.

Read More

එම සැකකරුවන් අද දින (07) වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

Read More

මෙරට පවතින දැවැන්ත ආර්ථික අර්බුදයට හේතුව කොවිඩ් වසංගතය නොව විදෙස් රටවල් වලින් අධික ලෙස ණය ලබා ගැනීම බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කරයි.

Read More

අවසන් වරට බස් ගාස්තු ඉහළ දැමීම සඳහා අනුමැතිය ලබා දුන් අවස්ථාවේ නැවත ඉන්ධන මිල ඉහළ යාමක් සිදුවුවහොත් බස් ගාස්තු වැඩි කිරීමක් නොකරන බවට බස් හිමියන් එකඟතාවයකට පැමිණි බැවින් ඉදිරියේදී ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු වැඩිවීමක් සිදු නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි .

Read More

අතුරු වෛද්‍ය සේවාව ඒකාබද්ධව අද (07) සිට ආරම්භ කල වර්ජනය හේතුවෙන් මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ බලෙන් රඳවාගෙන ප්‍රතිකාර කර උම්මත්තක රෝගීනට පීඩා විඳිමට සිදුවන බව එම රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ ධම්මිකා විජේසිංහ සඳහන් කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.