saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 6189 hours ago

LATEST

ණය ප්‍රතිව්‍යුහගත කිරිම වෙනුවට චීනයෙන් විකල්පයක්

calendar_today 2022 අප්‍රේ 26 - 11:53 remove_red_eye - 2042  

ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවට ශ්‍රී ලංකාව ඉදිරියේදී චීනයට ගෙවිමට ඇති ණය පියවා ගැනිම වෙනුවෙන් තවත් ණයක් චීනය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ඒක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු තාවකාලිකව අත්හිටුවිමට කොටස් වෙළඳපොල කටයුතු කර තිබේ. ඒ ශ්‍රී ලංකා එස්. ඇන්ඩ් පී. දර්ශකය ඒකක 7.5කින් කඩා වැටීම හේතුවෙනි. කොටස් වෙළඳපොළ ගනුදෙනු මෙසේ අද දිනයේදී අත්හිටවනු ලැබුවේ දෙවැනි අවස්ථාවටය.

Read More

විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇති බව වාර්තා වෙයි.

Read More

තම කොණ්ඩය කපා ගැනිමට සැලුනයට පැමිණි උකුවෙල ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකු බාබර්ගේ රුපියල් හතලිස්දහසක් පමණ වටිනා ජංගම දුරකතනය රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබි ඇති බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.

Read More

ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් වන තිරණය අද දිනයේදී ගැනීමට නියමිත බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

මන්නාරම ප්‍රදේශයට බියර් තොගයක් ප්‍රවාහනය කර නැවත පැමිණෙමින් තිබු ලොරි රථයක් අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ උත්තර සාලිය විහාරස්ථානය ආසන්නයේදී අද (26දා) අළුයම බස් රථයක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

(LONG READS)බ්‍රිතාන්‍යයන් විසින් උඩරට දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී ඇතැම් ගොඩනැගිලි සඳහා වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පය භාවිත කර ඇත. කාලයත් සමග එම ගොඩනැගිලිවල විවිධ වෙනස්කම් සිදුවුවද, ඉතිරිව ඇති ඇතැම් ගොඩනැගිලිවලට සංචාරක වටිනාකමක් ඇත. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයද බ්‍රිතාන්‍යයන් ඉදිකරන ලද්දේ වික්ටෝරියානු ගෘහ නිර්මාණ ශිල්පයට අනුවය.

Read More

අයිස් ගහන්න මුදල් හොයන්න ඊසි කෑෂ් ක්‍රමයට අයිස් හෙරොයින් ජාවාරමේ නිරත වු බව කියන සැකකරුවන් තිදෙනෙකු අයිස් ග්රෑම් දොළහක් සමග අද(26දා) අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසිය කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ඩොලර් හිඟයට විසඳුමක් ලෙස විදේශිකයන් සතු ඩොලර් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් වැසටහන් දෙකක් ශ්‍රී ලංකාව හඳුන්වා දී තිබේ.

Read More

තමන් දේශපාලනයට පිවිසියේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම අනුව බව ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර් ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.

Read More

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව 08වැනි පරාජය ලැබීමත් සමග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට එහි ප්‍රධාන පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සූදානමින් පසුවෙයි.

Read More

ගෑස් ටොන් 3600ක් රැගත් නෞකාවක් අද දිනයේදී ලංකාවට ළඟාවීමට නියමිත බව ලි ට්‍රෝ සමාගම පවසයි. එම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව හෙට (27දා) සිට ගෑස් බෙදාහැරිම ආරම්භ කිරීමට නියමිතය.

Read More

කොළඹ ගෝල්ෆේස් පිටියේ අරගලයක යෙදී සිටින ජනතාව විසින් ඒම පරිශ්‍රය ගෝඨාගෝගම ලෙසින් නම් කිරීමට කටයුතු කරනු ලැබීය. එයින් පිරිසක් මේ වන විට කොළඹ අරලිය ගහ මන්දිරය ආසන්නයේද කඳවුරු බැදගෙන සිටියි.

Read More

(LONG READS) හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයේදී ආහාර නොමැතිව මන්දපෝෂණයෙන් වනඅලි මියයන බව අවස්ථා කීපයකදීම ’අද’ පුවත්පත මගින් අනාවරණය කරනු ලැබුවත්, වගකිව යුතු කිසිදු බලධාරියෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියා නොකිරීම හේතුවෙන්, මේ මස ගෙවී ගිය සති දෙක තුළදී පමණක් තවත් වනඅලින් දෙදෙනකු හට ආහාර නොමැතිව මියැදෙන්නට සිදුවී තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසදා ගැනීමට නම් මූල්‍ය ප්‍රතිපත්තිය දැඩි කිරීම, බදු වැඩිකිරිම මෙන්ම පාවෙන විනියම අනුපාතිකයක් ඇති කළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.

Read More

පසුගිය සතියේ අවිනිශ්චිත බවක් පෙනෙන්නට තිබූ ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා සති අන්තයේ වේගවත් වූයේ මස්ක් ඔහුගේ පිරිනැමීමේ මූල්‍ය තොරතුරු සමග ට්විටර් කොටස් හිමියන් ආකර්ෂණය කර ගැනීම නිසාය.

Read More

ශ්‍රී ලංකාවේ රක්‍ෂණකරුවන්ගේ ණය කළඹෙහි කෙටි කාලීන අවාසිසහගත අවදානම් වැඩිකර ඇති බවට ෆිච් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය (Fitch Ratings) අනතුරු අඟවයි.

Read More

න්‍යෂ්ටික යුද්ධයක ජයග්‍රාහකයන් නොමැති බව මොස්කව් විශ්වාස කරන නමුත් එහි අන්තරාය සැබෑ බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසයි.

Read More

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා රුසියාවේ සහ යුක්රේනයේ සංචාරවලදී සටන් විරාමයක් සඳහා දෙරටම තල්ලු කරනු ඇති බව ප්‍රකාශකයා පවසයි.

Read More

හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමෙන් පසුව ශ්‍රි ලංකාවට අවශ්‍ය සිමෙන්ති ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් නිපදවා ගැනීමට හැකි බවත් ඒ අනුව සිමෙන්ති මිල ඉහළ යෑම පාලනය වන බවත් රජයේ හිටපු අමාත්‍යවරුන් මීට ඉහතදී ප්‍රකාශ කර තිබුණි.

Read More

යුක්රේනයේ රුසියාවේ විශේෂ මෙහෙයුම ස්වීඩනයට සහ ෆින්ලන්තයට ඔවුන්ගේ දිගුකාලීන හමුදා එකමුතුව සිය ජාතික ආරක්ෂාව සහතික කිරීමේ හොඳම මාධ්‍යය දැයි පරීක්ෂා කිරීමට බල කර ඇත.

Read More

මාරාන්තික ගංවතුරේ බලපෑම පාසල් සිසුන්ට දැනෙමින් පවතින අතර, පළාතේ මියගිය පුද්ගලයන් 430කට අධික සංඛ්‍යාවෙන් 64ක් පාසල් සිසුන් බවද කියයි.

Read More

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට මහජන පීඩාවක් වන ආකාරයෙන් පිරිසක් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (25දා) ප්‍රතික්ෂේප කළේය

Read More

රට තුළ ඕනෑම ආකරයක ප්‍රචන්ඩත්වයක් පැන නැඟුණහොත් එය රටේ බැරැරුම් ගැටළුවක් වීමට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අවධාරණය කොට සිටී.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව හා රටට යහපත ගෙන ඒම සඳහා අවංක චේතනාවෙන් හා අධිශ්ධානයක් තිබේ නම් පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින 3ක් ඇතුලත විසඳා ගත හැකි බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

Read More

රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා(27දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Read More

21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය කටයුතු කිරිම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාට දැනුම් දී තිබේ.

Read More

අම්බලන්තොට වලවේ ගඟට බැස්ස තරුණයෙක් කිඹුලෙකු ඩැහගෙන ගොස් ඇති බව අම්බලන්තොට පොලීසිය පවසයි.

Read More

අමතර කොටස් නොමැතිවීමෙන් බස්රථ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (25දා) කොළඹ පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.