19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරමින් හා 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ජනපතිවරයාට ඇති බලතල සීමා කිරීම ඇතුළු සාධනීය ලක්ෂණ සහිත නව ආන්ඩුක්රම ව්‍යවස්ථාවක් මේ අනුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතය.