මුම්බායි ඉන්ඩියන්ස්හි වෙනසක් කිරීමට මහේල සූදානමින්
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව 08වැනි පරාජය ලැබීමත් සමග මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් කිරීමට එහි ප්‍රධාන පුහුණුකරු හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සූදානමින් පසුවෙයි.
ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පෙරේදා (24දා) පැවති තරගය ලකුණු 36කින් පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහේල මේ පිළිබඳව කරුණු දැක්වීය.
මෙහිදී මහේලගේ අවධානය යොමුව ඇත්තේ මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරණයට අදාළව වෙනස්කම් කිහිපයක් කිරීමටයි. ඒ අනුව එම කණ්ඩායමේ ප්රබලතම පිතිකරුවෙකු වන කඩුලු රකින ක්‍රීඩක ඉෂාන් කිෂන් මීළඟ තරගයේදී විවේක ගැන්වීමට තීරණය කර තිබේ.
අයි.පී.එල්. තරගාවලියේ ශූරතාව පස්වරක් දිනා ඇති මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මෙවර තරගාවලියේදී දැඩි පසුබෑමකට ලක්ව ඇති අතර, තවමත් එකදු ජයග්‍රහණයක් හෝ වාර්තා කිරීමට ඔවුනට හැකිව නොමැත.
කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන් අනෙකුත් පුහුණුකරුවන් සහ කළමනාකාරීත්වයත් සමග සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව මීළඟ තරගයේදී වෙනස්කම් කිහිපයක් සිදුවේවි. හැබැයි බොහෝ වෙනස්කම් කිරීමට අපි අපේක්ෂා කරන්නේ නැහැ. පිතිකරණයේදී ඉෂාන් කිෂන් දැඩි පසුබෑමකට ලක්වෙලා තිබෙනවා. ඔහු සමගත් සාකච්ඡා කරලා ඔහුට විවේකයක් ලබාදෙන්න අපේක්ෂා කරනවා.
කෙසේ නමුත් ඔහුට ඔහුගේ ස්වභාවික පිතිකරණයේ නියැළෙන්න අවස්ථාව ලබාදිය යුතුයි යනුවෙන් මහේල වැඩිදුරටත් ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ඉෂාන් කිෂන්ව මෙවර අයි.පී.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මිලදී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 15.25ක මුදලකටය.
popular news
-
Kandy Whip Tuesday, 26 April 2022 08:03 AM
Days of Taking credit for others work and talents by Mahela to project him as one of the best coaches around is over. Now it is time to work hard for the payment received and act like a real coach by being with team all the time rather than give them advice through zoom like he did to SL team during T20 WC
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

