රටේ ආර්ථික අර්බුදය ජය ගන්නේ කෙසේද යන මැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අනිද්දා(27දා) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම වැඩමුළුව සංවිධානය කරනු ලබන්නේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසිනි.
මෙම වැඩමුළුවේ ප්‍රධාන සම්පත් දායක ලෙස කටයුතු කරන්නේ අචාර්ය ස්වර්නිම් වාග්ලේ මහතාය.
ඒ මහතා රටවල් 36 ක ආර්ථික ප්‍රතිපත්ති සහ ක්රමෝපායන් සම්බන්ධව විශේෂඥයකු වන අතර එසේම ඔහු ලෝක බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයකු ලෙසද කටයුතු කර ඇත.
මෙම වැඩමුළුවට සහභාගී වන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සඳහන් කරයි.