21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය කටයුතු කිරිම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාට දැනුම් දී තිබේ.
මෙම රැස්වීමට නීතිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය නිලධාරීන් මෙන්ම නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද කැඳවීමට පියවර ගන්නා ලෙස කථානායකවරයා වෙත අද (25දා) ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
වර්තමානයේ රටේ උද්ගතව ඇති අභියෝගාත්මක තත්වයට ව්‍යවස්ථාදායකයේ ඍජු මැදිහත්වීම වහාම සිදුකල යුත්තක් බැවින් රටේ ජනතාව ඉල්ලා සිටින ප්‍රධාන ප්‍රතිසංස්කරණ සදහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම වැදගත් වුවක් බවත් එම ලිපියෙහි සඳහන් වේ.
මහනායක මාහිමිපාණන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විද්වත් වෘත්තිකයින් නව පරපුරේ තරුණ තරුණියන්, ඇතුළු මුලු මහත් රටම ඉල්ලා සිටින්නේ වහාම රටට පිළිගත හැකි විසදුමක් සදහා පාර්ලිමේන්තුව ක්‍රියාකල යුතු බැවින් මේ මොහොතේ කථානායකවරයා ගන්නා තීරණ රටේ අනාගතය තීරණය වනු ඇති බවත් විපක්ෂනායකවරයා අවධාරණය කරයි.
මෙය තව දුරටත් ප්‍රමාද කරලිමට හෝ සාකච්ඡා කරමින් සිටිමට කාලයක් නොවන බැවින් මෙම ඉල්ලීමට කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බව ද විපක්ෂනායකවරයා සඳහන් කර ඇත.