saravita-anim2

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 10 වන සිකුරාදා

Latest News - timelapse 5971 hours ago

LATEST

ජනපති ආසන්න රටක ඉන්නවා

calendar_today 2022 ජුලි 11 - 18:05 remove_red_eye - 1035  

’’මේ අවස්ථාවේදී ජනපතිවරයා රටින් පිටවී ආසන්න රටක රැදී සිටිනවා. බදාදා වන විට ඔහු ලංකාවේ සිටීවි. ඔහු 13 දා ඉල්ලා අස්වෙන බව මට කිව්වා.’’

සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම ඉනිමකින් හා ලකුණු 39කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනිමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ් අනුව තරග දෙකකින් සමන්විත වූ ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත්විය.

Read More

අරලිය ගහ මන්දිරය, ජනපති ලේකම් කාර්යාලය, ජනපති මන්දිරය මේ හැම එකේම තිබුණ වටිනා ලිපි ලේඛණ දැන් විනාශ කරලා තියෙන්නේ. ආණ්ඩුවක් වැඩ කරන්න ඕන නීතිය අනුව. අපි ව්‍යවස්ථාව අනුව ක්‍රියාකරන්න ඕන. ව්‍යවස්ථාවෙන් පිට අපි ක්‍රියා කරන්න යන්නේ නෑ.

Read More

යූරියා පොහොර බෙදාහැරීම් කටයුතු හෙට (12දා) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Read More

තම නිවස ගිනි තබන අවස්ථාවේදී තමන් එම නිවසේ රැදී සිටිය බවත් තමන්ට පැවැති එකම නිවස ගිනි තැබූ නිවස බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.එසේම ගෙවල් නැති කිරීමට හැකිවන්නේ හිට්ලර්වාදී ජනතාවට බවත් ඔහු පැවැසිය.

Read More

මූලික පියවර වලට අවුරුද්දක් යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ අවුරුදු 4ක්වත් යයි කියලා. අපිට අමාරුම අවුරුද්ද මේකයි. මම අගමැතිවුණාමත් ඉන්ධන පෝලිම් වැඩිවුණා. මේ මාස කිහිපයේදී ගැටලු වැඩිවෙනවා. මිනිස්සු විදින දුක මම දන්නවා. ඒ්කට මම සමාව ඉල්ලත් තියෙනවා. කොහොම වුණත් අපිට ඒකතු වෙලා තමයි ඉදිරියට යන්න වෙන්නේ.

Read More

මුදල් හා අත්තිකාරම් ගෙවීම් කළ ඩීසල්, පෙට්‍රල් නැව් පැමිණෙන දින වකවානු පිළිබඳව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර තිබේ.

Read More

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින ‍දේශපාලන තත්ත්වය හේතුකොටගෙන උක්ත රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.

Read More

රුසියානු ආක්‍රමණයේ බලපෑම සෑම තැනකම ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකාවේ තත්ත්වයට හේතු වන්නට ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පවසයි.

Read More

පුස්සැල්ලැව පොලිස් වසමට අයත් ප්‍රෙට්රාසි වතුයායේ සිට පුස්සැල්ලාව නගරය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි බස් රථයේ ගමන් ගත් තවත් 08 දෙනෙකු තුවාල ලබා පුස්සැල්ලාව රෝහල වෙත ඇතුලත් කර ඇති බව පුස්සැල්ලාව පොලිසිය පැවසිය.

Read More

ශ්‍රී ලංකාවේ තත්ත්වය වර්ධනය වීම පිළිබඳව චීනය සමීපව නිරීක්‍ෂණය කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්ග්බින් පවසයි.

Read More

බදුල්ල අධිකරණයට ඉදිරිපත් කළ රැඳවියන් (සැකකරුවන්) කිහිපදෙනකු බදුල්ල නගරය හරහා බදුල්ල බන්ධනාගාරය වෙත පා ගමනින් රැගෙන යාම බන්ධනාගාර නිලධාරින් ව්සින් සිදුකෙරිණි.

Read More

මෙය එරට වත්මන් අගමැති ෆුමියෝ කිෂිඩා විසින් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙසද ජපාන මාධ්‍ය විසින් හඳුන්වන ලදී.

Read More

ආගමන විගමනදෙපාර්තුමේන්තුවේ මහනුවර ශාඛා කාර්යාලය වෙත විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන තරුණ තරුණියන්ට එක්දින හා සාමාන්‍ය සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දෙන බව පවසමින් රුපියල් හය 6000 සිට 50,000 දක්වා මුදල් ලබාගත් බව කියන එම කාර්යාලයේ හිටපු සේවකයෙකු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු එම තරුණ තරුණියන් විසින් අල්ලා මහනුවර මූලස්ථාන පොලිසියට භාරදී තිබේ .

Read More

ධවල මන්දිර නිලධාරීන් උපුටා දක්වමින් නිව්යෝක් ටයිම්ස් වාර්තා කරන්නේ මෙතෙක් පැරණිතම එක්සත් ජනපද නායකයා ජනාධිපති ධුරයේ සීමාවන් පරීක්ෂා කරමින් සිටින බවයි.

Read More

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජය හෙට (12දා) ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට ජාවාරම් කරුවන් විසින් ධීවර යාත්‍රා යොදාගනිමින් ඉන්ධන ප්‍රවාහනය කොට අධික මිල ගණන් වලට විකිණීමේ ජාවාරම් ක්‍රියාත්මක වී ඇති බවට උතුරේ ආරක්ෂක අංශ විසින් අනාවරනය කොට ගෙන ඇත.

Read More

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් පළාතට රුසියාවෙන් එල්ල කරන ප්‍රහාර මාලාව දැඩි කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

රුපියල් මිලියන 33 කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 113 ග්‍රෑම් 280 ක් මන්නාරම වැලිපර ප්‍රදේශයේ ඌරුමලෙයි මුහුදු වෙරල ප්‍රදේශයේ ගොඩගසා තිබියදී ඊයේ (10දා) සොයාගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා එකඟතාවයකට පැමිණි පසු සියලු කැබිනට් අමාත්‍යවරුන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන්තවයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති කැබිනට් අමාත්‍යවරුන්ගේ හමුවකදී මේ බව තිරණය වී තිබේ.

Read More

’’රට ස්ථාවර කිරීමේ රටේ ආර්ථිකය නැංවීමේ වැඩපිළිවෙළට නායකත්වය දීමේ වගකීමට නායකත්වය දෙනවා. අපි ජනපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත්කරනවා. මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුම් නෑ. මෙයට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුළ කවුරු හරි යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුකරනවානම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙසයි. මාතෘ භූමිය රැකගන්න අපි සූදානම්. මාතෘ භූමියට නායකත්වය ලබාදෙන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මවුබිමට ජය වේවා!’’

Read More

නීතිවිරෝධී අයුරින් අනාරක්ෂිතව බහුදින ධීවර යාත්‍රාවක් යොදාගනිමින් ඕස්ට්‍රේලියාවට යාමට උත්සහ ගත් පුද්ගලයින් 67 දෙනෙකු ඊයේ (10දා) නැගෙනහිර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම් දීමෙන් අනතුරුව කතානායකවරයා විසින් නිකුත් කරන බව ජනපති මාධ්‍ය අංශය පවසයි.

Read More

පසුගිය 9 වැනිදා අග්‍රාමාත්‍ය පෞද්ගලික නිවස අසළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍ය වේදීන් පහරදීමේ සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ. ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.

Read More

තිරිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11දා)උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ඇතැයි ද ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරබදිමින් ලබාගන්නා බවද පොලිසිය කියයි.

Read More

රුපියල් කෝටි හතරකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් මෝටර් රථයක් තුළ සූක්ෂම සුක්ෂම ලෙස සඟවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් වත්තලදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Read More

ඉන්ධන නැව් පිළිබඳව හා ඉදිරියේදි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත රාජ්‍ය තාත්ත්‍රිකයන් හා ජාත්‍යන්තර ආයතනවල නියෝජිතයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද දිනයේදි විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවීමට නියමිත බව වාර්තා වෙයි. මෙම කැබිනට් රැස්වීම සඳහා ජනපතිවරයා වීඩියෝ තාක්ෂණය හරහා එක්වීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

මහරගම නගරයේ දී අරගලයට සහාය දැක් වූ පොලිස් සැරයන්වරයා අද (11දා) අළුයම තියුණු ආයුධයක් රැගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පැවසීය.

Read More

අමාත්‍යවරුන් පස් දෙනෙක් සිය අමාත්‍යධුරවලින් ඉවත් වුවත් එම ඉල්ලා අස්විම් ජනපතිවරයා විසින් තවමත් පිළිගෙන නොමැති හෙයින් ඔවුන් තවදුරටත් අමාත්‍යධුරවල කටයුතු කරනු ඇතැයි වාර්තා වෙයි. ජනපතිවරයා සිටින තැනක් පිළිබඳව තවමත් නිශ්චිත තොරතුරු වාර්තා වී නොමැත.

Read More

ලිට්‍රෝ සමාගම සිය ගෘහස්ත කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යනු ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.