කෝප් කමිටුවට හරහට හිටි අර්බුදය
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරුන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) වෙත හෙට (12) පෙරවරු 10.00 ට කැඳවීමට නියමිතව තිබූ නමුත්, රටේ පවතින දේශපාලන තත්ත්වය හේතුකොටගෙන උක්ත රැස්වීම නොපැවැත්වීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් පසුගිය කෝප් කමිටු රැස්වීමේදී සිදු කරන ලද පෞද්ගලික ප්‍රකාශය හේතු කොටගෙන ඛණිජ තෙල් මිල සම්බන්ධව රට තුළ විශාල ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත විය. ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ එම ප්‍රකාශය සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් මෙම විමර්ශනය සිදු කිරීමට නියමිතව තිබිණි.
රටේ තත්ත්වය සමනය වූ පසු මෙම කෝප් කමිටු රැස්වීම පැවැත්වීමට තීරණය කළ බවද කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (මහාචාර්ය) චරිත හේරත් මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

