තිරිකුණාමලය අයි ඕ සී ඉන්ධන ගබඩාවේ සිට හපුතලේ තෙල් ගබඩාවට පැමිණි ඩීසල් ලීටර් 33000 රැගත් තෙල් බවුසරයක් අද (11දා)උදේ හපුතලේ පංකැටිය ප්‍රදේශයේ දී මාර්ගය හරහා පෙරළී ඇතැයි ද ඉන් වෑහෙන තෙල් ප්‍රදේශවාසීන් පොරබදිමින් ලබාගන්නා බවද පොලිසිය කියයි.
මාර්ගයේ ලිස්සා ගොස් ලොරිය පෙරළී ඇතැයි ද මින් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති බවද පොලිසිය කියයි.
මෙම බවුසරයේ ඉන්ධන වෙනත් බවුසරයකට ලබාගැනීමට අවශ්‍ය කටයුතු යොදමින් ඇතැයිද ඉවතට යන තෙල් කෑන් රැගෙන විත් ප්‍රදේශවාසීහු ලබාගන්නා බවද පොලීසිය පවසයි.
හපුතලේ පොලීසිය පරීක්ෂණ පවත්වයි.
හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර



