ලිට්රෝ සමාගම සිය ගෘහස්ත කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 50කින් ඉහළ දැමීමට කටයුතු කර තිබේ. ඒ් අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4910ක් දක්වා ඉහළ යනු ඇත.
මේ අතර සති කිහිපයකට පසුව ලිට්රෝ සමාගම අද දිනයේ සිට යළිත් ගෑස් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබේ. ඊයේ දිනයේදි ගෑස් තොග රැගත් නෞකාවක් ශ්‍රි ලංකාවට පැමිණීමත් සමගම මෙසේ ගෑස් බෙදා හැරිමේ කටයුතු ආරම්භ කර තිබේ.
අද දිනයේදී කොළඹ හා තදාසන්න ප්‍ර දේශවලට පමණක් ගෑස් බෙදා හැරීම සිදුවෙයි. පිට පළාත්වෙත ගෑස් බෙදා හැරිම හෙට සිට ආරම්භ කිරීමට නියමිත වෙයි.
ඒසේම අනවශ්‍ය තොග රැස්කිරීමෙන් වළකින ලෙසත් ගෑස් ලබාදෙන්නේ මැයි මස විදුලි බිල්පත ඉදිරිපත් කරීමෙන් පසුව පමණක් බවත් සමාගම දන්වා සිටියි.
ගෑස බෙදා හරින ස්ථාන පිළිබඳ ලැයිස්තුව සමාගමේ වෙබ් අඩවිය හරහා හා සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.