පසුගිය 9 වැනිදා අග්‍රාමාත්‍ය පෞද්ගලික නිවස අසළ ඇතිවූ උණුසුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය සිරස රූපවාහිනී නාළිකාවේ මාධ්‍ය වේදීන් පහරදීමේ සිදුවීමට අදාළව පොලිස් විශේෂ කාර්ය බළකායට අනියුක්තව සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආර්.ඒ. ලියනගේ මහතාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.
මෙම පහරදීම වැළැක්වීමට කටයුතු නොකිරීමත් ඔහුට එරෙහිව එල්ල වි ඇති චෝදනා වෙයි. ආයතන සංග්‍රහය මගින් පොලිස්පතිවරයාට පැවැරී ඇති බලතල අනුව හා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම වැඩතහනම් කිරීම සිදුකර තිබේ.
