ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් උතුරු මුහුදු තීරයට ජාවාරම් කරුවන් විසින් ධීවර යාත්රා යොදාගනිමින් ඉන්ධන ප්රවාහනය කොට අධික මිල ගණන් වලට විකිණීමේ ජාවාරම් ක්රියාත්මක වී ඇති බවට උතුරේ ආරක්ෂක අංශ විසින් අනාවරනය කොට ගෙන ඇත.
කිලිනොච්චිය මුලංකාවිල් පොලිස් බලප්රදේශයේ නච්චිකුඩා ප්රදේශයේදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන බවට සැකකෙරෙන භූමිතෙල් ලීටර් 3600ක ප්රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට මුලංකාවිල් පොලීසිය පැවසීය.
තවද යාපනය නගරයේ පිහිටි නිවසක යුද හමුදා බුද්ධි අංශයට ලැබුනු තොරතුරකට අනුව ක්රියාත්මක වූ යාපනය පොලීසිය විසින් සිදුකරන ලද සෝදිසියකදී සඟවා තිබූ ඩීසල් ලීටර් 300 ක ප්රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
ජාවාරම් කරුවන් විසින් භූමිතෙල් සහ ඩීසල් ලීටරයක් රුපියල් 600 ත් 1000 කත් අතර ප්රමාණයකට විකිණීමට සැලසුම් කොට ඇති බවටත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 30 කට අධික අධික බවටද පොලීසිය පෙන්වා දෙයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නච්චිකුඩා සහ යාපනය නගරයෙන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් අධිකරණයන් වෙත යොමු කිරීමට පොලීසිය විසින් පියවර ගෙන ඇත.
පවතින දැඩි ඉන්ධන හිගය හේතුවෙන් ජාවාරම් කරුවන් විසින් ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයන් ඔස්සේ ඉන්ධන ගෙන්වා අධික මිල ගණන් වලට විකිණීමේ අවධානමක් පවතින බැවින් උතුරේ ආරක්ෂාවද තර කිරීමට නාවික හමුදාව විසින්ද පියවර ගනිමින් සිටියි.