පුස්සැල්ලැව පොලිස් වසමට අයත් ප්රෙට්රාසි වතුයායේ සිට පුස්සැල්ලාව නගරය දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අනතුරට පත්විමෙන් බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වි බස් රථයේ ගමන් ගත් තවත් 08 දෙනෙකු තුවාල ලබා පුස්සැල්ලාව රෝහල වෙත ඇතුලත් කර ඇති බව පුස්සැල්ලාව පොලිසිය පැවසිය.
මෙම අනතුර අද (11දා) සිදු වි ඇත්තේ පුස්සැල්ලාව ප්රෙට්රාසි මාර්ගයේ කාචමලේ කම්බි වතුනිවාස පෙල අසලදිය.
ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරිපස රෝදයේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය නතර කිරිමට රියදුරා මාර්ගය අභියස පිහිටි පස් කන්දක බස් රථය ගැටිමට සලස්වා බස් රථය නතර කර ඇත.
එම අවස්තාවේ බස් රථයේ පාපුවරුවේ ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේම ජිවිතක්ෂයට පත් වි ඇති බවයි පොලිසිය කියා සිටියේය.
අනතුරෙන් මියගොස් ඇත්තේ පුස්සැල්ලවා ප්රෙට්රාසි වත්තේ පදිංචි සුරන්ජිත් පුෂ්පකුමාර් (39) සහ විජය කුමාර් (26) හැවිරිදි තරුණයෙකි.
අනතුර සිදු වු අවස්තාවේ බස් රථයේ මගින් විශාල පිරිසක් ගමන් කරමින් සිට ඇති බවත්,අනතුරෙන් පසු රියදුරා පලාගොස් ඇති බවත්, රියදුරා අත්අඩංගුවට ගැනිමට මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බව පොලිසිය පැවසිය.
අනතුර සිදුවිමත් සමග ප්රකොපකාරි වු පිරිසක් බස් රථයට ගිනි තබා විනාශ කර ඇත. අනතුර සම්බන්ධයෙන් පුස්සැල්ලාව පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.

