නුවරඑළිය ප්‍රදේශයේ සිට කොළඹට එළවළු ප්රවහානය කරන ලද ලොරි රථයක් අම්බුළුවාව බැවුම් සහිත මාර්ගයේ ගමන් කරමින් සිටියදි වංගු සහිත ඉහළ මාර්ගයේ සිට පහල මාර්ගයට පෙරළි යෑම නිසා එහි ගමන් ගත් රියදුරා සහ සහායකයා බරපතල තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත් කරන ලද බව ගම්පොල පොලිසිය පවසයි.
මෙම අනතුර සිදු ව තිබුණේ 12 වැනි දින රාත්‍රී 9 ත් 10 අතර කාලයේදිය. ගම්පොල දෙස සිට හෙම්මාතගම මාර්ගයේ පැමිණ මාවනැල්ල හරහා කොළඹ දෙසට යෑමට පැමිණ ඇති මෙම ලොරි රථය ප්‍රධාන ව්‍යාපාර ජාලයකට අයත් සමාගමකට අයත්වන්නක්. අම්බුළුවාව වත්තේකඬේ ප්‍රදේශයේ අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයට මදක් හෙම්මාතගම දෙසට වන්න මෙම බිහිසුණු අනතුර සිදු වි තිබුණි.
වේගය පාලනය කර ගැනීමට නොහැකිව හෝ නින්ද යෑම නිසා මෙම අනතුර සිදු වන්නට ඇතැයි පොලිසිය සැක පහල කරන අතර මාර්ගයේ ඉහල කොටසේ සිට එම මාර්ගයේම පහල මාර්ග කොටසට පෙරළි ඇති ලොරිය සාමාන්‍යයෙන් අඩි 100 ක පමණ ප්‍රපාතයකට මෙසේ පෙරළි ඇත.
ලොරි රථය පෙරළි යෑම නිසා එහි තිබු එළවළු මාර්ගය පුරා විසිරි තිබුණු අතර මං තීරු දෙකක් සහිත මාර්ගය ලොරි රථය නිසා සම්පුර්ණයෙන් වැසි ගොස් තිබුණි. පසුව ගම්පොල පොලිසියේ රථ වාහාන අංශයේ නිලධාරීන් පැමිණ ලොරි රථය මාර්ගයේ එක් මං තීරුවකට ඇද මාර්ගයේ වාහාන ගමනාගමනයට මාර්ගය විවෘත කර දීමට කටයුතු කරන ලද අතර තුවාල ලැබු තුවාල කරුවන් ප්‍රදේශවාසීන් මැදිහත් වි රෝහල් ගත කර ඇත.
ජායාරූප සහ සටහන සමන් විජය බණ්ඩාර




