සමාව ඉල්ලීමේ ලිපිවලට රංජන් අත්සන් තබයි
අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ වරදකරුවී දැනට බන්ධනාගාරගතව සිර දඩුවම් නියම වි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ට ජනාධිපති සමාව ලබා ගැනීම වෙනුවෙන් වූ ලිපි ලේඛණවලට අත්සන් තබා තිබේ.
මෙසෙ අත්සන් තැබූ ලිපි ලේඛණ ජනපතිවරයාට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියේදි භාර දීමට නියමිතව තිබේ. තම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කනගාටුව ප්‍රකාශ කිරිමේ ප්රකාශයකටද ඔහු අත්සන් තබා තිබේ.
ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා ඇතුළු නිතිඥ කණ්ඩායමක් මෙම ලිපි ලේඛණ සකස් කර තිබේ. මේ වන විට උසාවි නිවාඩු කාලය ක්‍රියාත්මක වන බැවින් ඔහුට සමාව ලබාදිමේ කටයුතු සඳහා මසකටත් අඩු කාලයක් ගතවෙනු ඇතැයි සඳහන්.
popular news
-
Deepal Nirosh Sunday, 14 August 2022 12:23 AM
අධිකරණයෙන් සමාව ඉල්ලීමේ ලිපි විතරක් අත්සන් කර ගත්තාට මදි. මින් මතු මේ වගේ තම සහෝදර දේශපාලඥයන්ගේ අනවශය තොරතුරු ප්‍රසිද්ධ නො කරන බවටත් ඔවුනොවුන් සමඟ එකාවන්ව බෝට්ටු පැදිමට වග බලා ගන්නා බවටත් ප්‍රකාශයක් ගත යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

