ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී අනර්ථයක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට භාරවූ ජීවන්ත පීරිස් පියතුමා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.
සැකකාර පියතුමාගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට හෙට දින (13) ගොස් ප්රකාශයක් ලබාදෙන ලෙසට ද ඇප කොන්දේසියක් නියම කළේය.