saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 5284 hours ago

LATEST

මහ කන්නයේදි වාර්තාගත වී අස්වැන්නක් ගන්නවා

calendar_today 2022 ජුනි 07 - 13:06 remove_red_eye - 353  

මහ කන්නයේදී වාර්තා ගත වී අස්වැන්නක් ලබා ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්. වික්‍රම සෙනෙවිරත්න යන මහත්වරු පත් කර තිබේ.

Read More

බණ්ඩාරගම කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේ දී අද (7දා) අළුයම ටිපර් රථයක ගැටීමෙන් වයෝවෘද්ධ හිමිනමක් අපවත් වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි.

Read More

උදාහරණයක් ලෙස යම් ප්‍රදේශයකට දින තුනක් දහවල් කාලයේදී එනම් උදෑසන 6 සිට සවස 5 දක්වා පැය දෙකයි විනාඩි 15ක කාලයක් විදුලිය කප්පාදු කර එම ප්‍ර දේශයටම ඊළඟ දින තුනේදී රාත්‍රී කාලයේදී එනම් සවස 5 සිට රාත්‍රී 9 දක්වා පැය දෙකයි විනාඩි 15ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය.

Read More

ඉදිරියේදී ඉන්ධන බෙදා හැරීම ප්‍රමුඛතා ක්‍රමවේදයක් යටතේ සිදුකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය. අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ හෙට දිනයේ සිට යළිත් දිනකට අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 5400 හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3500 වෙළඳපොළට නිකුත් කරන බවත් ඔහු පැවැසීය.

Read More

බිබිල නිල්ගල වන රක්ෂිතයේ අද (07දා) ඇතිවු ගින්නක් සීඝ්‍රයෙන් පැතිරීගොස් පැය තුනකට පසු නිවී යෑමෙන් පසු අක්කර සිය ගණනක පමණ භුමියේ ගස් වැල් ගින්නෙන් දැවීගොස් තිබෙන බව අවට ගම්වාසින් පවසති.

Read More

අනුරාධපුර වේළුවනාගම, වේළුවනාරාමයට අයත් රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමකින් යුත් ත්‍රීරෝද රථයක් සොරකම් කළ පුද්ගලයකු සොයා අද (7දා) විමර්ශනයක් ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

Read More

රාජ්‍ය සේවය පිළිබඳවත් අපිට වෙනස් ඇසකින් බලන්න සිදුවෙනවා. සීමාවක් නොමැතිව රැකියා ලබාදීම නිසා කාර්යක්ෂමතාව හා ඵලදායිතාව ඉතාම පහළ තලයකට වැටිලා. සමහර රාජ්‍ය සේවකයන්ට කරන්න කිසිම රාජකාරියක් නෑ. මේ නිසා රාජ්‍ය සේවය පූර්ණ ප්‍රතිසංස්කරණයකට හා ප්‍රතිසංවිධානයකට භාජනය කළ යුතුයි. පුරවැසියෙකුට සිය ජීවිත කාලය පුරාම කඩිනම්ව ලබාගත යුතු රාජ්‍ය සේවයක් නිර්මමාණය කිරීම අපේ අරමුණයි.

Read More

සහල් මෝල්වලින් අවශ්‍ය පරිදි සහල් වෙළෙඳ පොළට නිකුත් නොකිරීම හේතුවෙන් රට පුරා දේශීය සහල් හිගයක් පවතින බවත් විදේශීය සහල් ද ඉතා සීමිත ප්‍රමාණයක් පවතින බව සහල් වෙළෙන්දෝ පවසති.

Read More

දැන් අපේ රට හරියට ක්‍රියා විරහිත කොම්පියුටරයක් වගෙයි. වැඩ කරන්නේ නෑ. අපි මුලින්ම කරන්න ඕන මේ කොමිපියුටයර යළි සකසා ගැනීමයි. දැන් අපි කරන්නේ අන්න ඒ වැඩේ. අතුරු අය වැය මගින් අපි කරන්නේ කොම්පියුරටය රීසෙට් කිරීමයි. ඊට පස්සේ අ පිට පුළුවන් නවීන මෙහෙයුම් පද්ධතියක් දා ගන්න. කිසිම වෛරසයක් එන්නේ නැති වෛරස් ගාඩ් දා ගන්න. ඒ ඔක්කොම කරන්න කොම්පියුරටය නැවත පණ ගැන්විය යුතුයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි යන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා රුපියල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (07දා) නියෝග කළේය.

Read More

ඉදිරියේ දි ඇතිවිය හැකි ආහාර අර්බුදයට විසදුමක් ලෙස බස්නාහිර පළාතේ මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් වගා කිරිමට යයි. ඒ සදහා මාස තුනක ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කෙරේ.

Read More

ඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉතිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා. අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් භාවිත කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ කාලයේදී තමන් ගැන පමණක් සිතා තමන් ගැන සිතා ඉන්ධන හා ගෑස් රැස්කර තබා ගන්න එපා.

Read More

21 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සියලු දෙනාගේම සහයෝගය ලබාගැනීම අපහසු බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

කොළඹ වරාය නගරයේ ආයොජනය කරන ආයෝජකයන් වෙනුවෙන් වසර 40ක් දක්වා බදු සහන ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීම වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

Read More

අධිකරණයට අපහාස කිරීමේ දෙවැනි නඩුවවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට වසර දෙකක සිර දඩුවම් නියම කර තිබේ. එම දඩුවම වසර 5කට අත්හිටුවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

Read More

දේශීය හා විදේශීය නිශ්පාදිත ගිනි අවි දෙකක් සමග සැකකරුවෙකු පුත්තලම කුඩා කිවුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පුත්තලමකොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය කාර්යාශය පවසයි.

Read More

2022/2023 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ගෙන්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. මේ අනුව යූරියා මෙට්‍රික් ටොන් 150000ක්, එම්.ඕ.පී. මෙට්‍රික් ටොන් 45000ක් හා ටී.එස්.පී. මෙට්‍රික් ටොන් 30000ක් රජයේ පොහොර සමාගම් දෙක හරහා ගෙන්වීමට නියමිතය.

Read More

මුලතිව්හි ඓතිහාසික වට්ට්‍රාපලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිලේ වාර්ෂික මංගල්ලයේ විශේෂ දේව මෙහෙයක් වූ මුහුදු ජලයෙන් පහන් දැල්වීමේ දේව පූජාව ඊයේ (06දා) සවස සිට අද (07දා) අලුයම දක්වා පැවත්වුණි.

Read More

සහල් තොග ලබන සැප්තැම්බර් මස දක්වා රට තුළ තිබෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා ඊයේ(06දා) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසීය.

Read More

රට මුහුණ දී ඇති බරපතල ආර්ථික අර්බුදය අනුව කැබිනට් අමාත්‍යවරු වසරක කාලයකට වැටුප් නොමැතිව වැඩ කිරීමට තීරණය කර තිබේ. ඊයේ (06දා) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ අද දිනයේදී විශේෂ ගෑස් බෙදාහැරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ලිටෝ සමාගම පවසයි. කොළඹ. කලුතර, ගම්පහ යන දිස්ත්‍රික්කවල මෙම ගැස් බෙදා හැරීමේ සැලැස්ම ක්‍රියාත්මක වෙයි.

Read More

නීතිඥයෙකු සහ දේශපාලනඥයෙකු වන ජෝර්ජ් මේරා හිටපු ජනාධිපති සැල්වදෝර් ජෝර්ජ් බ්ලැන්කෝගේ (1982-86) පුත්‍රයා වූ අතර, 2020 මැද සිට පරිසර අමාත්‍ය ධුරයට පත්විය.

Read More
2022-06-07
7 06 2022 07:40:00
0 217

Read More

ලෝක බුද්ධිමය දේපල සංවිධානය (WIPO) විසින් වාර්ෂිකව නිකුත් කරන ගෝලීය නවෝත්පාදන දර්ශකය උපුටා දක්වමින් චීනයේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය වැන්ග් ෂීගැන්ග් බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී මෙම ප්‍රකාශය කළේය.

Read More

’’මට අසාර්ථක ජනාධිපතිවරයෙකු ලෙස යන්න බෑ’’ යැයි ජනපතිවරයා සඳහන්ය කර තිබේ. ජනපතිවරයාට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වීමෙන් පසුව ඔහු ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් සමග සිදුකළ පළමු සම්මුඛ සාකච්ඡාව මෙය වෙයි. “අවුරුදු පහකට මට ජනවරමක් ලැබිලා තියෙනවා. මම නැවත තරග කරන්නේ නැහැ.’’ යැයි ඔහු පවසයි.

Read More

වසර ගණනාවක බටහිර වැරැදි ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපාන බව අවධාරණය කළ රුසියානු ජනාධිපතිවරයා, කෙසේ වෙතත් එම අභියෝගද අවස්ථා බව වැඩිදුරටත් සඳහන් කළේය.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැඳිගම පිවිසුමේදී පොලිස් නිලධාරියකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දිල්ප් වෙදආරච්චි මහතාගේ පුත්‍රයෙක් මෙන්ම තංගල්ල හිටපු නගරාධිපති වන රවිඳු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වීරකැටිය පොලිසිය විසින් අද (06) සවස අත්අඩංගුවට ගන්නා ලදී.

Read More

කොරියානු අර්ධද්වීපයේ සාමය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, කොරියානු අර්ධද්වීපයේ ගැටලුව දේශපාලන සමථයකට පත් කිරීම ප්‍රවර්ධනය කිරීමටත් කටයුතු කළ යුතු බව චීනය අවධාරණය කරයි.

Read More

රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුපට සහ ජ්‍යෙෂ්ඨත්වයට බාධාවක් ඇති නොවන ආකාරයට විදේශ ගතවීමේ අවස්ථාව ලබාදීමට අවශ්‍ය චක්‍රලේඛ නිකුත් කිරීම මැදිහත්වෙමින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඇමැතිවරයා සදහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.