විදුලිබිල සංශෝධනයෙන් පසු මෙරට තිබෙන ආගමික සිද්ධස්ථාන 48,000 අතුරින් සිද්ධස්ථාන 36,000ක් විදුලි බිල ලෙස උපරිම ගෙවනු ලබන්නේ රැපියල් 3990ක් බවත්, කෙසේ වෙතත් ඉහළ විදුලි බිලක් ලැබෙන ආගමික සිද්ධස්ථාන 12,000ක් තිබෙන බවට තමා පිළිගන්නා බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම ඉහළ විදුලි බිලක් ලැබෙන ආගමික සිද්ධස්ථාන සඳහා විසඳුම වන්නේ පුණර්ජනනීය බලශක්තිය සඳහා පිවිසීම බවත්, එම සිද්ධස්ථාන සඳහා මුදල් අමාත්‍යාංශය සහනාධාරයක් ලබා දීමට කටයුතු කරන්නේ නම් ප්‍රශ්නයක් නොමැති බවත් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අද (20දා) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරැම මහතා යොමුකළ ප්රශ්නයකටක පිළිතුරැ ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
මේ අතර පුණර්ජනනීය බලශක්තියට යොමු වීම සඳහා ආගමික සිද්ධස්ථාන වලය වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා ඉන්ධික අනුරැද්ධ අමාත්‍යවරයාට පවරා තිබෙන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.
"ආගමික සිද්ධස්ථාන ලෙස විදුලිබල මණ්ඩලය 48,682ක් සම්බන්ධතා තියෙනවා. 48,682න් සාමාන්‍යෙයන් ඒකක 30ක් භාවිතා කරන ආගමික සිද්ධස්ථාන ප්‍රමාණය 15,195යි. ඒ 15,195ම මේ සංශෝධනයෙන් පස්සෙත් ගෙවන උපරිම මුදල රැපියල් 330යි.
ආගමික සිද්ධස්ථාන 11,151ක් මේ සංශෝධනයෙන් පස්සේ ගෙවන්නේ රැපියල් 1260යි. ආගමික සිද්ධස්ථාන 3,852ක් තිබෙනවා මේ සංශෝධනයෙන් පස්සේ රැපියල් 1860ක් ගෙවන. ඒකක 121- 180යි අතර පාවිච්චි කරන ආගමික ස්ථාන 5897ක් මෙතෙකල් ගෙවපු රැපියල් 1057ක උපරිම බිල මේ සංශෝධනයෙන් පස්සේ රැපියල් 3990ක් ගෙවනවා.
ඒ කියන්නේ ආගමික සිද්ධස්ථාන 48,000න් ආගමික ස්ථාන 36,000ක් මේ සංශෝධනයෙන් පස්සෙත් මාසිකව ගෙවන්නේ උපරිම බිල රැපියල් 3990යි. මම පිළිගන්නවා 12,000ක් තිබෙනවා ඊට වැඩිය විශාල සංඛ්‍යාවකින් මිල වැඩි වුණ. ඒ පිරිස සඳහා තමයි අපි යෝජනා කරන්නේ තමන්ගේ පරිභෝජනය කළමණාකාරණය කර ගැනීම සඳහා පුණර්ජනනීය බලශක්තිය සඳහා යන්න වෙනවා.
ආගමික සිද්ධස්ථාන වෙනත් බලාගාර නෑ අඩු මිලට උත්පාදනය කරන. අපිට විදුලිය උත්පාදනය කරන්න තිබෙන්නේ මේ තියෙන බලාගාර ටිකම තමයි. සහනාධාරයක් ලබා දෙන්න ආණ්ඩුව, මුදල් අමාත්‍යාංශය තීරණය කරනවා නම් කිසිදු ප්රශන්යක් නෑ."