ත්‍රි පෝෂවල පිළිකාකාරක ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවැසිය. පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“ඔය ප්‍රශ්ණය ගැන මම ඊයේ හවසම සාකච්ඡා කළා. අමූලික බොරුවක් කියලා මම වගකීමෙන් පාර්ලිමේන්තුව ඇතුළේ කියනවා. මේ ප්‍රශ්ණයට සම්බන්ධවෙලා තියෙන අයට නීතිමය පියවර ගන්න කියලා මම ඊයේ රෑ 11ට ලේකම්තුමාට කථා කරලා කිව්වා.
මේක හරි අසාධාරණ කථාවක් ඇල්ෆාටොක්සීන් තියෙනවද බලන්න. පිළිකා කාරක තියෙනවා කියලා සමාජයක්ම බය ගන්වන්න ඉතාමත් නින්දිත ආකාරයේ කටයුතු කරනවා. මේ වගේ ප්‍රකාශයක් කරනවනම් ලේකම්තුමාගේ අනුමැතිය ගන්න ඔ්න.”