විදේශගතව සැඟව සිටින බව කියන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන පානදුර සලිදු නමැත්තාගේ ජාවාරමට අයත් මත්කුඩු පැකට් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය නිවසක් වටලා රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු , ජාවාරම් මුදල් එක්ලක්ෂ පනස් හයදහසක් ,ඇසුරුම් කඩදාසි සහ විද්‍යුත් තරාදි ඇතුළු උපකරණ සමග අඹු සැමි යුවලක් අත්අඩංගුවට ගත්බව අලුබෝමුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිව සිටින 36 සහ 28 වියැති අඹුසැමි යුවලක් බව පොලිසිය පවසයි .
පොලිස් විශේෂ කාර්යාංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම කර හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 320 ක්, ජාවාරම් මුදල් රුපියල් එක්ලක්ෂ පනස් හයදාස් තුන්සීයක්, ඇසුරුම් කඩදාසි පනස්දහසකට ආසන්න ප්‍රමාණයක් , කුඩා ප්‍රමාණයේ විද්‍යුත් තරාදි 2 ක් ජාවාරම සඳහා යොදාගත් බව කියන ජංගම දුරකථන 5 ක්, යතුරුපැදි 2 ක් ඇතුළු උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය කීය.
ඇසුරුම් කඩදාසි වල පකිස්ථානයේ ක්‍රිකට් නායකයාගේ රුව, බැට්මෑන් සහ හල්ක් ගේ රුව ඇතුලත්ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.
පානදුර සුමිත් පොතුපිටිය / බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ
