saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 5271 hours ago

LATEST

අයිස් සමග අයෙක් කොටුවෙයි

calendar_today 2022 ජුනි 15 - 11:11 remove_red_eye - 243  

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (14දා) වත්තල නගරයේදී වැටලීමක් සිදු කර සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී මෝටර් රථය තුල සූක්ෂමව සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01 ග්‍රෑම් 20 ක් සමඟ සැකකරුවෙකු මෝටර් රථයද සමග අත්අඩංග

බර්ටි දිසානායක පදනම දස වැනි වරටත් සංවිධානය කළ දුන්තෙල් බත් දන්සැල පොසොන් පෝදා අනුරාධපුර ගුවන්තොටුපළ පාරේ පිහිටි සැනසුම නිවසේදී ඊයේ (14දා) පස්වරුවේ සිට පසුදා (15දා) පහන්වන තුරු අනුරපුරට පැමිණි දහස් සංඛ්‍යාත බැතිමතුනගේ කුස ගිනි නිවමින් අති සාර්ථකව පැවැත්විණි.

Read More

පොසොන් පොහෝ දිනයේ සීගිරිය නැරඹීමට සඳහා දේශීය සංචාරකයින් 11600 කට අධික පිරිසක් පැය අටක් තුළ පැමිණ ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරි ව්‍යාපෘති කාර්යාලය සඳහන් කළේය.

Read More

ගොවි ජනතාව ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට රැගෙන එන සීමිත එළවළු තොග ප්‍රමාණයවත් නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවත් සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.

Read More

ඔමික්‍රොන් උප ප්‍රභේද වන BA.4 සහ BA.5 එක්සත් ජනපදයේ කොවිඩ්-19 ප්‍රභේදවලින් 21% සඳහා දායක වී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරීක්ෂණ ලැයිස්තුවට එක් කරන ලද මෙම නව ප්‍රභේද, යුරෝපයේ සැලකිලිමත් වීමේ ප්‍රභේද ලෙසද නම් කර ඇත.

Read More

ශ්‍රි ලංකා කණ්ඩායමට වැසි වාසි තිබූ තරගය නැවතත් ඔස්ට්‍රේලියාව දෙසට ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සමත්වූයේ පන්දු 51 කදී වේගවත් ලකුණු 80 රැස්කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් හා හයේ පහර 6ක් ඇතුළත් විය.

Read More

ගෑස්පෝර්ම් සමාගමේ සැලසුම්ගත දෛනික බෙදාහැරීම් පරිමාව ඝන මීටර් මිලියන 167ක් වන අතර, මෙම තත්ත්වය නිසා ගලායාම 40% කින් කපා හැර තිබේ.

Read More

තමා කළ ප්‍රකාශය මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් ප්‍රතික්ෂේප කළත් තමන් කළ ප්‍රකාශයේ තමන් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පැවැසීය.

Read More

මානව හිමිකම් කවුන්සිලයේදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, එක්සත් ජනපදය, නෙදර්ලන්තය සහ තවත් සමහර රටවල් චීනයේ ෂින්ජියැං උයිගුර් ස්වයං පාලන ප්‍රදේශයේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඔවුන්ගේ බරපතල කනස්සල්ල ප්‍රකාශ කර ඇත.

Read More

ඉන්ධන ගැන අමාරුම සති තුන පැමිණ ඇති බවත් ඉන්ධන හා ගෑස් ලබාගැනීමට ඇති පෝලිම්වලින් ඒ බව පෙනෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දිගු රයිෆල් 20ක්, අත් තුවක්කු, කාට්රිජ්, වාහන, හමුදා නිල ඇඳුම් සහ ගුවන්විදුලි සන්නිවේදන උපකරණ ආරක්ෂක අංශ භාරයට ගත් බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

Read More

රට කඩා වැටී පෝලිම් ඇතිවී තිබෙන මොහොතක සොරාකෑම සඳහා පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

නයිජර් රාජ්‍යයේ, බුර්කිනා ෆාසෝ දේශසීමාව ආසන්නයේදී සන්නද්ධ සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් පැරාමිලිටරි පොලිස් භටයන් 08දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 33දෙනෙකු තුවාල ලැබූ බව නයිජීරියානු රජය පවසයි.

Read More

ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ චීනය ලබාදෙන මානුෂීය ආධාර යටතේ ලබාදෙන සහල් වලින් පළමු තොගය එළැඹෙන 25දා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

’’හර්ෂ ද සිල්වා දිගුකාලීන මිතුරෙකු වන අතර අපි නිතර හමුවෙමු. මම නිතරම ඔහුගේ ඇසුර භුක්ති විඳින්නෙමි. මෙම පුවත්පත් කතාව නිවැරදි නොවේ. රටවල් ගණනාවක් ශ්‍රී ලංකාවට උදව් කිරීමට කැමැත්තෙන් සිටින අතර, එම ආධාර ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.’’

Read More

කැළණිවැලි දුම්රිය මාර්ගයට නව කාර්යාල දුම්රියක් ධාවනයට එක්කිරීමත් සමගින් එම දුම්රිය මාර්ගයේ දුම්රිය කාලසටහනේ සුළු වෙනසක් සිදුකිරිමට සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අම්බලන්තොට, උස්සන්ගොඩ මුහුදු වෙරළේදී මුහුදු රළ පාගමින් සිටි පුද්ගලයන් 4ක් මුහුදු රළට ගසාගොන ගොස් ඇති අතර මෙහිදී එක් පුද්ගලයෙකු ගොඩට පීනා වීත් සිය ජීවිතය බේරාගෙන ඇති අතර ඉතිරි තිදෙනා අතුරුදන්ව තිබේ.

Read More

මෑතකාලීන ගවේෂණ සමීක්ෂණවලින් ඩොලර් ට්‍රිලියන 12කට අධික ටොන් මිලියන 31 ක පමණ රන් ලෝපස් නිධි සොයාගැනීමට සමත්ව ඇති බව උගන්ටා රජය නිවේදනය කර තිබේ. මේ අනුව එම නිධි ගොඩ ගැනීම වෙනුවෙන් විශාල ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය බවත් උගන්ඩා රජය නිවේදනය කරයි.

Read More

පොසොන් පොහෝ දිනය හේතුවෙන් අද දිනයේදී හැකිතාක් දුරට විදුලිය කප්පාදු කිරීමෙන් වැළකී සිටීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවල වැලි මුව ගහණය ඉහල ගොස් ඇතැයි උඩරට පරිසර සංගම් නියෝජිතයෝ පවසති. උඩරට වතුකරයේ තේ වතුවල හා ලඳු කැළෑ, පතන් හා එළිමහන් බිම් ආශ්‍රීතව මෙසේ වැලි මුවන් නිරත්තරයෙන්ම ගැවසෙන අයුරු නිරීක්ෂණය වී ඇතැයිද ඔවුහු සඳහන් කරති.

Read More

ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවා ගත නොහැකිව දින 8ක් තිස්සේ ශ්‍රී ලංකාව අවට මුහුදේ නැංගුරම් ලා සිටි ගෑස් රැගත් නෞකාවට අද දිනයේදී මුදල් ගෙවිමට හැකියාව ලැබී තිබේ.

Read More

ඒ අනුව 19 හැවැරිදි දුනිත්ට එක්දින ජාත්‍යන්තර වරම් හිමිව තිබේ. 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී දුනිත් වෙල්ලලගේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ඔහු බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ක්‍රීඩකයෙක් බවට පත්විය.

Read More

විස්සයි20 තරග තුනකට හා එක්දින තරග තුනකට එක්වීම සඳහා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

Read More

යතුරු පැදියකින් පැමිණ නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති තිබේ.

Read More

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එම මාර්ගයේම ධාවනය කරන පෞද්ගලික බස් රථයක අයිතිකරු සහ එම සොරකමට සහයෝගය දැක්වු එම වතුයායේම තරුණයන් දෙදෙනෙකු බව පොලිසිය පැවසිය.

Read More

පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරිමට අදාළව නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමටත් එය ලබන වසරේ සිට එනම් 2023 සිට ඉදිරියට පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේදී චක්‍රලේඛයේ විධිවිධාන අදාළ කර ගැනීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

සිය සමාගම විසින් ශ්‍රී ලංකාවේ සිදුකිරිමට යන සූළං බල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කනගාටුවට පත්වන බව ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් වන අදානි සමාගම් සමූහය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

සමස්ත ලංකා ප්‍රවාහන වෘත්තිකයන්ගේ ඒකාබද්ධ මෙහෙයුම් මධ්‍යස්ථානය යටතේ ලියාපදිංචි වී සිටින ලක්ෂ 15ක් පමණ වන ප්‍රවාහන සංගම්වල සාමාජිකයන්ට අයත් වාහනවල ලීසිං වාරික හා වාහන මිලදී ගැනීමට ලබාගත් බැංකුවල වාරික ගෙවීම ඊයේ (13දා) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංගමයේ කැඳවුම්කරු සම්පත් රණසිංහ මහතා සඳහන් කළේය.

Read More

වසරකට මුළු පිරිවැටුම රුපියල් මිලියන 120ක් ඉක්මවන ආනයනකරුවන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, තොග වෙළඳුන් හා සිල්ලර වෙළඳුන් සඳහා සියයට 2.5ක අනුපාතයක් යටතේ නව බද්දක් වශයෙන් සමාජ ආරක්ෂණ දායකත්වය බද්ද හඳුන්වාදීමට තීරණය කර තිබේ.

Read More

ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්ෂක සේවා, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය හා ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන හැර ඉතිරි රාජ්‍ය ආයතන ඉදිරි මාස තුනක කාලය තුළ සිකුරාදා දිනවල වසා තැබීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.