මෙහිදී කථානායකතුමා සඳහන් කළේ තමා විසින් රටට නිවේදනය කළ පරිදි අද (13) රාත්‍රී 12ට පෙර ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලැබීමට සලස්වන බවට ජනාධිපතිතුමා විසින් දුරකථන මාර්ගයෙන් තමාවෙත දැනුම් දුන් බවයි.
එක්සත් ජනපද යුද නැවක් චීනයේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවීම ගැන චීන මහජන විමුක්ති හමුදාව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
Read Moreජුලි 13 දා තමන් ජනපති ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කථානායකවරයා හරහා රටට දැනුම් දුන්නත් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්විමට අදාළ ලිපිය තවමත් ප්‍රකාශ කර නොමැත.
Read Moreබදාදා පැවති පළමු වටයේ ඡන්ද විමසීමෙන් පසු එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් වෙනුවට අපේක්ෂකයින් හය දෙනෙකු තරඟ වදින බව කොන්සර්වේටිව් පක්ෂය නිවේදනය කළේය.
Read Moreසමස්ත රට බලපාන පරිදි අද (13) මධ්‍යහන 12.00 සිට ඇඳිරි නීතිය පනවා හෙට (14) අළුයම 5.00 ට ඉවත්කරන බව සඳහන් කරමින් වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreසාමකාමී සහජීවනය සහ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ වටිනාකම් බෙදාහදා ගන්නා සියලුම රටවලට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ’’මිත්‍රත්වයේ හස්තයක්’’ දිගු කරන බවද ඔහු පැවසීය.
Read Moreපාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි කථානායක නිල නිවස අසළ උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ. විරෝධතාකරුවන් රැසක් එක්ව විරෝධතා දැක්වීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වී තිබේ. ඔවුන්ව පළවා හැරිමට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreරජය හා විපක්ෂය පිළිගන්නා පුද්ගලයෙක් අග්‍රාමාත්‍යධුරය සඳහා නම් කරන ලෙස වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත දන්වා තිබේ.
Read Moreසාමකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයන්ට ඉඩ සලසන ලෙසත් අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත්ව අදාළ අංශ වෙත එම ආයතන වහාම භාරදෙන ලෙසත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය අවසන් අනුමැතිය ලබා දීමෙන් පසු අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 1.2 ක මුදලක් පළමුව පාකිස්තානයට ලැබීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානය ඩොලර් බිලියන 7ක මූල්‍ය පහසුකමක් අපේක්ෂා කරන අතර එය ලබන වසරේ ජුනි දක්වා අදියර වශයෙන් ලබාදිමට නියමිතය.
Read Moreවහාම රටතුළ නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනපතිවරයාගෙන් හා ආරක්ෂක අංශ වලින් දැඩිව ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සූදානම් බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වැඩබලන ජනපති ලෙස පත්කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාටද එම ධුරයෙන් ඉවත් වන ලෙසට දැන්වීමට අද පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදි තිරණය කර තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය කාර්යාලය අසල විරෝධතාවය අතරතුර තුවාල ලැබූ පුද්ගලයන් 30ක් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි එහි රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
Read Moreත්‍රිවිධ හමුදාවත් පොලිස්පතිතුමත් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා ඉදිරි ජනපතිවරයා පත්කර ගන්නා තුරු ගන්නා ක්‍රියාමාර්ග පක්ෂ නායක රැස්වීමක් පවත්වා අපිට දැනුම් දෙන ලෙස. එහි තීරණ ජනතාවට ප්‍රකාශ කිරීමට නියමිතයි. විශේෂයෙන්ම තරුණ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ තත්ත්වය ඔවුන් විසින් ප්‍රකාශයට පත්කරලා ඊළඟ ජනපතිවරයා පත්කර ගන්නා තෙක් රටේ සාමය පවත්වාගෙන යන්න ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට සහාය දෙන්න.
Read Moreරට තුළ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් වර්ධනය වීම වැළැක්විම සඳහා වැඩබලන ජනපති ලෙස පත්ව ඇති රනිල් වික්‍රමසිංහ මහතා වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රීධුරයක් හිමි පුද්ගලයෙක් අග්‍රාමාත්‍යධුරයට පත්කිරීමෙන් අනතුරුව දැන් එම පුද්ගලයාම දැන් වැඩබලන ජනපතිධුරයට පත්කිරීමත් රාජපක්ෂ පන්නයේ ප්‍රජාතන්ත්‍රවාදය බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් මාලදිවයිනට පිටත්ව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් අනතුරුව සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිත බව මාලදිවයිනේ වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreනීතිය හා සාමය පවත්වාගෙන යාමට ආරක්ෂක අංශ වෙත සහාය දක්වන ලෙසත් නීතිය හා සාමය ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් තමන් ආරක්ෂක අංශ වෙත උපදෙස් දුන් බවත් වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
Read Moreකොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අරගලකරුවන් සිය ග්‍රහණයට ගෙන තිබේ.
Read Moreජාතික රූපවාහිනියේ විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. එම රූපවාහි පරිශ්‍රයට අරගලකරුවන් පැමිණිමත් සමග ඇතිවූ උණුසුම්කාරී තත්ත්වයක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන බවට ජනපති තමන්වෙත දුරකතනය හා සම්බන්ධවෙමින් ප්‍රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.
Read Moreවැඩබලන ජනපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරිමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාටත් රටින් පිටත්ව යාමට ඉන්දියාව පහසුකම් සැලසූ බවට වාර්තා වන තොරතුරු තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
Read Moreකොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය අසළට විශාල ලෙස යුද හමුදාව කැඳවා ඇති බව වාර්තා වෙයි. හමුදාව එම ප්‍ර දේශවලට පැමිණෙන ආකාරය දැක්වෙන වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය ජාල තුළ හුවමාරු වෙයි.
Read Moreමේ වන විට මාලදිවයින බලා පිටත්ව ගොස් ඇති ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට තවත් රටකට යාමට අදහස් කරගෙන තිබෙන බව බී.බි.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreබස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමටත්, මුළු රටටම හදිසි නීතිය පැනවීමටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝගය ක්‍රියාත්මක වෙයි. එසේම කළහකාරී ලෙස හැසිරෙන පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරයා නියෝග කර තිබේ.
Read Moreකොළම මල්පාරේ අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට රැදී සිටි පිරිසක් පළවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.
Read Moreකොළඹ ගෝල්ෆේස් පිටියට රැස්ව සිටි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයකින් පසුව කැපුම් තුවාල සහිතව සිව් දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකාව දරුණුතම අර්බුදයකට පත්කර රටින් පිටව ගිය ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මාලදිවයිනේ රැකවරණය හෝ සරණාගභාවය ලබානොදෙන ලෙස එරට ජනතාව මේ වන විට මාලදිවයිනේ රජයට බලකරමින් සිටින බව වාර්තා වෙයි.
Read Moreගුවන් ගමන් ද්විත්වය සඳහා රුපියල් මිලියන 5.3 ක මුදලක් (රුපියල් 5,302,700) මුදල් වශයෙන් ගෙවන ගෙවීමට හිටපු අමාත්‍යවරයා කටයුතු කර තිබේ.
Read More