මහව සමූපකාර නිලවරණයෙන් ජාතික ජන බලවේගයට විශේෂ ජයක් ලැබී තිබේ. ඒ අනුව සභා නියෝජිතයින් සියයකගෙන් නියෝජිතයින් හැට දෙකක් ජාතික ජන බලවේගය ට පත් ව තිබේ.
මහව බල ප්‍රදේශයේ සමුපකාර ප්‍රාදේශික 27 ක ඊයේ (27දා) එම නිලවරණය පැවැත්විය.කොළඹ කිරිමැටියාව කඩුගන්නාව යන ප්‍රාදේශිකවල බලය නිතරගයෙන් ජාතික ජන බලවේගයට හිමිව ඇත.
සමුපකාර ප්‍රාදේශික 13 ක බලය සියයට සියයක්ම ජාතික ජන බලවේගයට හිමිව ඇත එම ප්‍රාදේශික වනුයේ බලල්ල , මහදිවුල්වැව කට්ට බුවාව, දෙමටගොල්ල නාගොල්ලාගම ,තිස්ස තඹර යා ගම, කාසිකොටේ කැත්තපහුව අඹගස්වැව හා තිස්නම්පපග්ලමයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගි ජන බලවේගය හා ස්වාධීන කණ්ඩායම් වලින් තේරුම් පත්වූ මුළු සභික සංඛ්‍යාව 38 කි.
අවිශ්ක නිම්සර අඹන්පොල