බිත්තරයක් රුපියල් 55ට අලෙවි කිරීමේ වැඩසටහන යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම මිලට බිත්තර මල්ලක් මිලදී ගත්තේය.
පාරිභෝගිකයින්ට රුපියල් 55ක මිලක් යටතේ බිත්තර මිලදී ගැනීමට වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයෙන් කරන ලද ඉල්ලීමට අනුව එම සංගමය ලොරි රථ 10කින් ස්ථාන 10ක බිත්තර ලක්ෂ 04ක් අලෙවි කිරීමට අපේක්ෂිතයි.
කොළඹ හා ගම්පහ ප්‍රදේශ කිහිපයක බිත්තර අලෙවි කිරීමේ වැඩසටහන අද (28දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී ආරම්භ කෙරිණි.
මෙම මස 30දා ගාල්ල හා මහනුවර නාගරික ප්‍රදේශ තුළ බිත්තර අලෙවි කිරීම සිදුකෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
