කූඨ ලේඛන පිලියෙල කොට ව්‍යාජ ඔප්පු දෙකක් සකස් කිරීම සම්බන්ධයෙන් කළුතර මහාධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිට වරෙන්තු නිකුත් කර සිටී නීතිඥවරයෙකු අද (28දා) අත්අඩංගුවට ගත්බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පයාගල , කලමුල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි නීතිඥවරයෙක් බව පොලිසිය පැවසීය.
සැකකාර නීතිඥ වරයා කළුතර ප්‍රදේශයේ ඉඩම් දෙකකට ඔප්පු පිලියෙල කිරීම සදහා කූඨ ලේකණ සකස් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටී අයෙක් බවද පොලිසිය කීය.
සැකකාර නීතිඥවරයාට එල්ලවී ඇති එකී චෝදනා අනුව කළුතර මහාධිකරණයේ නඩුවක් විභාග වෙම්න් තිබී ඇති අතර , එයට පෙනී නොසිටීමෙන් වරෙන්තු නිකුත් කර ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වති .
පානදුර සුමිත් පොතුපිටිය