නාමල්ගේ මාමා මත්තලට පණ දෙයි
ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ගුවන් තොටුපල නැවතත් හෙට සිට ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු සඳහා යොදා ගැනේ.
පසුගිය කාලපරිච්ඡේදය තුල හුදෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට විකල්ප ගුවන් තොටුපලක් ලෙසත් ගුවන් සීමාවට ඉහළින් පියාසර කරන ගුවන් යානා වලට හදිසි ගොඩබෑම් සඳහා යොදාගත් ගුවන් තොටුපලක්ලෙසත් මත්තල භාවිත කරනු ලැබිය.
රුසියාවේ සිට පැමිණෙන බෝයිං777-200 වර්ගයේ මගීන් 400කට වැඩි පිරිසක් රැගෙන මෙරටට පැමිණෙන Redwings ගුවන් සමාගම නව වසරේ සිට සතියකට නව ගුවන්වාර 2 ක් බැගින් පියාසර කිරීමට නියමිතව ඇති අතරඑය 3 ක් දක්වා වර්ධනය කිරීමට නියමිතය.
ඒ සඳහා විදේශ ගුවන් සමාගමකට දෙනු ලබන FAOC (Foreign Aircraft Operator Certificate/ විදේශීය ගුවන් සමාගම් සඳහා වන මෙහෙයුම් බලපත්‍රය)සහතිකය අධ්යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරි පී.ඒ. ජයකාන්ත මහතා විසින් මෙම ගුවන් සමාගමේ දේශිය සම්බන්ධීකාරක ලෙස කටයුතු කරන LSR සමාගමේ සභාපති තිලක් වීරසිංහ (මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳගේ පියා) මහතා වෙත ලබා දෙන ලදී.

popular news
-
Nelum Friday, 30 December 2022 07:12 AM
පාලකයන්ගේ දූෂිත දේශපාලන සංස්කෘතිය නිසා රරටක් වශයෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමය බරපතල ලෙස අපහරණයට පත්ව ඇති මෙවන් මොහොතකදී මෙවැනි සංචාරයන් සංවිධානය කළ ඔබවැනි උත්තම මිනිසුන්ගේ සේවය ඉතාමත් අගය කළයුතු බව මම සිතමි.පාට කන්නාඩි නොපැළඳ ගනිමින් තමාට පෙර රට යන සංකල්පය කෙරෙහි අවධානය යොමු කරමින් කරන්නාවූ මෙවැනි විශිෂ්ට කාර්යයන් පිළිබඳව ඇත්තටම ස්තුතියි ඔබ තුමාට .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

