මහ බැංකු අධිපතිට විමල්ගෙන් චෝදනාවක්
නව මහ බැංකු අධිපතිවරයාට මහ බැංකුවෙන් ලැබෙන රුපියල් ලක්ෂ 25ක වැටුප මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාම වැටුපත් හිමි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
“අලුතෙන් පතවුණ මහ බැංකු අධිපතිට මම දන්න තරමට වැටුප් දෙකක් තිබෙනවා. මහ බැංකුවෙන් ලැබෙන රුපියල් ලක්ෂ 25ක වැටුප. අනිත් වැටුප ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් විශ්‍රාම වැටුප. එතුමා අවුරුදු තුනක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙනුවෙන් වැඩ කරලා තියෙනවා.
මූල්‍ය අරමුදල වෙනුවෙන් අවුරුදු දෙකකට වැඩිය කෙනෙක් වැඩ කළොත් එයාට විශ්‍රාම වැටුප හිමියි. එතකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාම වැටුපත් ගන්නවා. මහ බැංකුවේ වැටුපත් ගන්නවා. බැදියාවන් අතර ගැටුමක් එන්නේ නැත්ද?
මෙතන සාර්ව ආර්ථික සැලැස්මක් නෑ. කෝ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ සැලැස්ම. එහෙම එකක් තියෙනවනම් පෙන්වන්න. එහෙම එකක් නෑ. තමුන්නාන්සේලා කරන්නේ එදා වේල ටුවර්ස්.
මහ බැංකු අධිපතිතුමා මූල්‍ය අරමුදල කියන විදිහට ඔක්කොම කරගෙන යනවා. මූල්‍ය ක්ෂේත්රය කඩා වැටෙයි කියන බයට විශාල බැංකු පොලී අනුපාතයක් දෙනවා. ඒ බැංකු පොලී අනුපාත ගෙවා ගන්න බෑ කර්මාන්ත හා ව්‍යාපාරවලට. ඒවා කඩා වැටෙනවා. ඒවායෙ රැකියා කරන මිනිස්සු පාරට වටෙනවා.
මූල්‍ය ක්ෂේත්රය දිහා බලාගෙන විතරක් තීරණ ගත්තට ආර්ථිකය රැකෙන්නේ නෑ. කර්මාන්ත වැහෙනවා. එතකොට බැංකුවලට ආදායම් කොහෙන්ද? මහ බැංකු අධිපති මූල්‍ය අරමුදල කියන විදිහට තිරණ ගන්නවා. දැන් මූල්‍ය අරමුදල කියලා තියෙනවා ඩොලරය නිදහස් කරන්න කියලා.”
popular news
-
Prabath Tuesday, 08 November 2022 12:01 PM
Two salaries are NOT from the Government. It is not possible to get 2 salaries from the Government.
Reply : 0 1
wk senanayaka Wednesday, 09 November 2022 01:06 AM
mahabanku adipathi tuma rata goda ganimata yamkise prayathnayak daranawa wemalla wene tuppehiyo eawata haras kapanawa munge palana kale hitapu adipathi gatta padi hadagatta penson munta mataka naha muntath horakan karanda ida dunna. nawa adipati desapalakayanta hisa nonamana nisa munta madikamak
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
