අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩි වීමකින් තොරව ඉදිරි මාස තුන තුල දී ලබා දීමට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළඹෙන උත්සව සමය වෙනුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ ජනතාවට සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්, ආනයන කරුවන් සහ සුපිරි වෙළඳසැල් සමඟ සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කළ බවද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළේය.