saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 483 hours ago

LATEST

ශ්‍රී ලංකන් වෙත නවතම සගයා එක්වෙයි

calendar_today 2025 ජුනි 04 - 11:21 remove_red_eye - 409  

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වෙත එක්වූ නවතම ගුවන් යානය වන ඒ 330 -200 පුළුල් බඳ සහිත ගුවන් යානය අද දිනයේදී ප්‍රංශයේ සිට කටුනායකට ගෙන ආවේය.

විපක්ෂය විසින් බහුතර මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමිකරගෙන සිටින කොළඹ මහනගර සභාව සදහා නගරාධිපතිවරයකු හා නියෝජ්‍ය නගරාධිපතිවරයකු තෝරාපත් කරගැනිමේ කාර්යය සදහා වන මංගල රැස්විම මෙම මස 16 වැනි සදුදා දින පෙරවරු 9.30ට කොළඹ මහනගර සභාවේ සභා රැස්විම් ශාලාවේ දි පැවැත්වේ.

Read More

දේශීය කිරි කර්මාන්තය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යා යුතුයි – ජනපති

Read More

අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති සමන්ගල ආරණ්‍ය සේනාසන භූමියේ තිබී ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සොහොන්14 ක් හමුවී ඇති අතර, එහි කැණීම් කටයුතු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය තුසිත මැන්දිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03දා)ආරම්භ කරනු ලැබීය.

Read More

බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානය වන නික්කඳුපොළ ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

නව කොවිඩ් වයිරසය අදාළ PCR පරීක්ෂණ සිදුකරමින් තිබෙන බවත් මෙතෙක් වාර්තා වී තිබෙන රෝගීන්ගේ සංඛ්‍යාව අද (04දා) දිනයේදී ප්‍රකාශයට පත් කරන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.

Read More

මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් කිරුළ තමන් සතු කර ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.ඒ අවසන් මහ තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 6කින් පරාජය කරමිනි.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයෙහි නව සභාපතිවරයා ලෙස මහාචාර්ය උදයංග හේමපාල මහතා පත් කළ බව එම මණ්ඩලය පවසයි. එහි සභාපතිවරයා ලෙස කටයුතු කළ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව හිස් වුණු ධුරය සඳහා මෙම පත් කිරීම සිදු කර තිබේ.

Read More

නවක වදය එපාවී වැවට පැන්න කුලියාපිටිය කාර්මික විද්‍යාල දැරියගේ සිද්ධියට අදාළව නවකවදය දුන් බැව් කියන සිසුන් 3 ක් හා සිසුවියක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලීසිය කියයි.

Read More

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී තිබෙන සූකර (ඌරන් ) කර්මාන්තය නගා සිටුවීම සඳහා කාර්ය සාධක බළකායක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

අද (03) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 234.50ක එනම් සියයට 1.38 ක ඉහළ ගොස් ඒකක 17,214.39ක් ලෙස සටහන් විය. මෙය එම දර්ශකය එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගයද වෙයි.

Read More

බණ්ඩාරවෙල දෝව ඓතිහාසික රජ මහා විහාරස්ථානයට ඉහළ කන්දේ අද (03) සවස සිට පැතිරී යන ගින්න පාලනය කිරීම සඳහා සහන සේවකයින්ගේ සහය සදහා යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසිදෙනෙකු කැඳවූ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read More

පසුගිය වර්ෂාව හා අධිකර සුළං තත්ත්වය යටතේ වගාවන්ට සිදුවූ හානි පිළිබඳව තක්සේරු කිරීමේ කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මේ වන විටත් ආරම්භ කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

Read More

නීතිපති දෙපාර්තමේන්තු නියෝජිතයින් විසින් සාක්ෂිකරුවන්ගේ දිවුරුම් ප්‍රකාශයන් වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වය වෙත ලබා දීම, පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී අද (03) සිදු විය.

Read More

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු සුරා බදු පනතට පටහැනි අන්දමින් නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම මගින් මුදල් ඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) තීිරණය කළේය.

Read More

ප්‍රමිතියෙන් තොර ‘හියුමන් ඉමියුනොග්ලොබින්’ එන්නත් සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ඖෂධයක් මිලදී ගැනීම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ලබන සතියේදී නඩු පැවරීමට බලාපොරොත්තුවන බව බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (03) දැනුම් දුන්නේය.

Read More

කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙමින් තිබූ බඩු පැටවූ ලොරියක් අද තුන (03) සවස බණ්ඩාරවෙල කොළතැන්න රේල් ගේට්ටුව හරහා දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වී දුම්රිය මාර්ගයේ සිරවී ඇතැයි බණ්ඩාරවල පොලිසිය පැවසීය.

Read More

මගී ප්‍රවාහනය සඳහා පහත් පිවිසුම් සහිත සුවපහසු බස් රථ 100ක් සේවයේ යෙදවීම වෙනුවෙන් ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබේ. බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව මාකුඹුර කඩුවෙල, කඩවත හා මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සෙ මෙම බස් රථ ධාවනය කිරීමට නියමිතය.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද (03) පෙරවරුවේදී පැවැත්විණි.

Read More

තන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැති බර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 22 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ ⁣මේ මස 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වේ.

Read More

ශ්‍රී ලාංකිකයින් සඳහා මාලදිවයිනේ රැකියා අවස්ථා ලක්ෂයක් දක්වා ඇති බවත් දැනට මාලදිවයිනේ ශ්‍රී ලාංකිකයන් තිස් දහසක් පමණක් විවිධ රැකියාවල නිරත වන බවත් ශ්‍රී ලංකාව සඳහා මාලදිවයින මහොකොමසාරිස් මසූද් ඉමාද් මහතා පැවසුවේ ය.

Read More

ආසියාවේ HIV රෝගය පැතිරීම ඉතා අවම මට්ටමක පවත්වා ගත් රටක් ලෙස ශ්‍රී ලංකාව හැදින්විය හැකි බවත්, විශේෂයෙන්ම රටේ ජනගහනයට සාපේක්ෂව HIV සමග ජීවත්වන්නන්ගේ ප්‍රමාණය සැළකීමේ දී එය ඉතා අඩු මට්ටමක පැවතීම ප්‍රශංසනීය කරුණක් බවත්, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛත්වය ගනිමින් ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් වලට අමතරව ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය මගින් සිදුකරනු ලබන අර්ථවත් ක්‍රියාකාරකම් ද බෙහෙවින් හේත

Read More

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ අමාත්‍යවරයාගේ හිටපු සම්බන්ධීකරණ නිලධාරියකු වන නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තුන්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Read More

විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයත් සමග සීමාවාසික පුහුණුව ලබා දීම සම්බන්ධයෙන් පැනනැගී ඇති ගැටළුව හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදැරීම සීමා කිරීමක් සිදු කළ බවත්, මෙම ගැටළුවට ස්ථීරසාර විසඳුමක් ලැබුණු පසු ඒ පිළිබඳ තීන්දුවක් ගන්නා බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධනති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමක පිටපතක් තමන් වෙත ලැබුණු බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී නිවේදනය කරයි.

Read More

දෙහිඅත්තකන්ඩිය මහියංගණය ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (03) උදෑසන හොබරියාව ශ්‍රී ගුණරතනාරාම විහාරස්ථානය ඉදිරිපිට දී මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවට කඩා වැදීමෙන් එහි සිටි පෙර පාසල් දරුවන් හතර දෙනකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා ගිරාදුරු කෝට්ටේ රෝහල වෙත ඇතුළත් කළ බව ගිරාදුරු කෝට්ටේ පොලිසිය පැවසීය.

Read More

2025 අප්‍රේල් මාසයේදී වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 134ක් වැය කර ඇති බව මහ බැංකුව පවසයි. එසේම අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක අගයක පවතින බවද මහ බැංකුව නිවේදනය කරයි.රථ ආනයනය (එ. ජ. ව ා. මිලියන 134) වහේතු විය.

Read More

නාරාහේන්පිට පොලිස් වසමේ කිරිමණ්ඩල මාවත ප්‍ර දේශයේදී තුසිත හල්ලොලුවට වෙඩි තැබි‍මේ සිදුවිමට සම්බන්ධ‍ තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාර්ලස් ( Richard Marles ) මහතා දෙදින නිල සංචාරයක් සදහා 06/02 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

බලය අයුතු ලෙස භාවිතා කරමින් රතු ලේබලයෙන් යුතු බහාලුම් රේගුවෙන් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමට උපදෙස් ලබා දීමේ නීතිවිරෝධී ක්‍රියාව සිදු කල බිමල් රත්නායක අමාත්‍යවරයාට එරෙහිව විමර්ශනයක් සිදු කර නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට කටයුතු කර මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය විසින් 2025.06.02 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙන ලදී.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.