වත්තල පොලිස් වසමේ හැඳල ඇලකන්ද මාර්ගයේ හැඳල හන්දිය අසලදී ඇලකන්ද දෙස සිට හැඳල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක ගැටී 2025.12.26 වන දින අළුයම් කාලයේ අනතුරක් සිදුව ඇත. අනතුරින් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇත. මරණකරුවන් අවුරුදු 21 හා 25 වයස්වල පසුවන වත්තල ප්රදේශයේ පදංචිකරුවන් වේ. මෘත ශරීර රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වත්තල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.