saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 477 hours ago

LATEST

රු. 5000ක අල්ලස් ගත් පිස්කල්ට වැඩ වරදියි

calendar_today 2025 ජුනි 05 - 17:29 remove_red_eye - 272  

බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නිමාවට පත් වූ නඩුවක නඩුවාර්තා පිටපතක් ලබා ගැනීමට පැමිණිලිකරුගෙන් රුපියල් 5000ක අල්ලසක් ඉල්ලා එය ලබා ගන්නා අවස්ථාවේදී බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ පිස්කල්වරයෙකු අද (5) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් බළපිටිය අධිකරණ පරිශ්‍රය තුළදී අත්අඩංගුවට ගෙන

මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්, 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා එළඹෙන 19 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. ඒ රන් ආලේපිත ටී. 56 ගිනි අවිය සම්බන්ධයෙන් වූ නඩුවට අදාළවය

Read More

කැලණි ගඟ ආශ්‍රිතව ඇති බස්නාහිර පළාතේ කර්මාන්ත ශාලා 294 ක් අතරින් කර්මාන්ත ශාලා 41 ක් පාරිසරික ආරක්ෂණ බලපත්‍රය ගෙන නොමැති බවත් ඉන් ජල දූෂණය ඇතුළු පරිසර හානි සමිිබන්ධ කර්මාන්ත ශාලා 17 ක බලපත්‍ර අත්හිටවා ඇතැයිද කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය රොසෙල් පෙරේරා මහතා පැවසීය .

Read More

ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කොට ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවධානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය.

Read More

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජපානයේ භාවිතා වන නවතම තාක්ෂණය හඳුන්වාදෙමින් ක්‍රියාත්මක කළ හැකි ව්‍යාපෘති යෝජනා රැසක් ඉදිරිපත් කරමින් ජපන් ආයෝජකයෝ පිරිසක් පසුගියදා බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා හමුවී සාකච්ඡා කළහ.

Read More

දොඹගහවෙල අලුත්ගෙදර මිරිස්යාය පාර නුගගහකිවුල පදිංචි 52 හැවිරිදි කාන්තාවකගේ නිරුවත් මළසිරුරක් (04) වෙනිදා ගල්ගුහාවක තිබී දොඹගහවෙල පොලීසියට හමුවී ඇත.

Read More

වසර 18කට පසුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කිරුළ හිමිකරගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජය සැමරුමක් අතර සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 11 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

මරදාන සිට අලුත්ගම දක්වා ධාවනය වූ අංක 758 දරණ දුම්රියේ ගැටී අඹුසැමි යුවලක් අවසනාවන්ත ලෙස එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවසීය.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවාදීම සඳහා ක්‍රීඩකයෙකුට යෝජනා ඉදිරිපත් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට විරුද්ධව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ. 2020 වසරේ පැවති තරගාවලියේදී මෙම සිදුවීම සිදුව තිබේ.

Read More

ඒම තහනම ලබන 9 දා සිට ක්‍රියාත්මක වෙයි. තහනමට යටත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, මියන්මාරය, චැඩ්, කොංගෝ ජනරජය, සමක ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි. මේ අතර තවත් රටවල් හතක ජාතිකයන් වෙනුවෙන් අර්ධ තහනමක්ද පැනවීමට ට්‍රම්ප් නියෝග කර තිබේ. එම රටවල් වන්නේ බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියෙරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාවයි.

Read More

ඊශ්‍රායලයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාල Renovation, General work, Ceramic Tiling, Plastering work යන රැකියා සඳහා ඊයේ පමණක් ශ්‍රි ලාංකිකයින් 148 දෙනෙකු පිටත්ව ගියේය.

Read More

පළාත් පාලන ආයතනවලට සභිකයන් පත්වීමේදී 25%ක් කාන්තාවන් පත් විය යුතු වුවත්, ආයතන හතළිස් හයක එම තත්ත්වය නොමැති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

Read More

මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 24,180ක් වාර්තා වී ඇති අතර මරණ 13ක් සිදුව ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.

Read More

පානදුර කෙසෙල් වත්ත රාජ්‍ය බැංකුවකට අඩු කැරට් අගයක් සහිත රන් භාණ්ඩ උගස්කර රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ එම බැංකුවේම නිලධාරිනියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

Read More

සිංහල සිනමාවේ නිළි රැජින, අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මිය කළ සේවය අගයමින්ඩඇයට පින් අනුමෝදන් කිරීමේ පිංකමක් ලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී සංවිධානය කර තිබුණි.

Read More

ත්‍රිකුණාමලයේ කුචාවලි ප්‍ර දේශයේදි ධිවරයෙකුට වෙඩි වැදිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ධිවර අමාත්‍යවරයා නාවික හමුදාවට උපදෙස් දී තිබේ.

Read More

ආණ්ඩු ගණනාවක් නියෝජනය කළද හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දූෂිතයෙක් නොවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

මෙරට ආර්ථිකය ක්‍රමික පරිවර්තනයකට යොමු කිරීමේදී පොදු ජනතාව සමග එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් – ජනපති මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් හමුවේ පවසයි

Read More

නඩුවක් විමසන අවස්ථාවේ උසාවියේ විත්ති කූඩුව තූලදීම පාතාල කල්ලි සාමාජික ගනේමුල්ලේ සංජීව නමැත්තාට වෙඩි තබා ඝාතනය කළැයි කියන වෙඩික්කරු හඳුනා ගැනීම සඳහා පැවති පෙරට්ටුවේදී කිසිදු සාක්කිකරුවකුට ඔහු හඳුනා ගැනීමට නොහැකි විය.

Read More

2015 /2016 වසර වලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය.

Read More

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල හිරිකැටිය වෙරළ තීරයේදැනට අනවසර ඉදිකිරීම් සිදුකර ඇති ස්ථාන 24 ක ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් 04 පෙරවරුවේ කටයුතු කර තිබේ. වෙරළ මත සහ වෙරළ ආසන්න ස්ථිර තුරුලතා තීරයේ සිට ගොඩබිමට මීටර් 10 ක සීමාව ඇතුළත පවතින සියලු අනවසර ඉදිකිරීම් ඉවත්කළ ඉදිකිරීම් සදහා අයත් විය.

Read More

පනත අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කළ නොහැකි බවත්, පසුගිය රජයන් ගත් අත්තනෝමතික තීන්දු නිසා මෙම අර්බුදය මතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

දිවයින පුරා ඉන්ෆ්ලුවන්සා සහ කොවිඩ් වෛරස ප්‍රභේදයක් වර්ධනයවීමේ ප්‍රවණතාවයක් පවතින බවට , සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන කාර්යාංශය මගින් අනතුරු අගවා ඇති බැවින් කාර්යාල පරිශ්‍ර තුල සහ මහජනතාව ගැවසෙන සියලු ස්ථානයන්හිදී මුඛ ආවරණ පැළඳීමට කාර්ය මණ්ඩල දැනුවත් කරන ලෙසට බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය මගින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම්දී ඇත.

Read More

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නැවත පුනර්ජීවනය කිරීම සදහා , ප්‍රංශයේ එයාර් බස් සමාගමේ නිෂ්පාදිත එයාර් බස් ඒ.330 - 243 වර්ගයයේ පුළුල් බද සහිත ( Wide Body ) නවතම ගුවන් කටුනායක ගුවන් තොටුපොළ වෙත 06/04 දින උදෑසන සම්ප්‍රාප්ත විය .

Read More

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කරන දන්සැල්ස ඳහා භාවිත කරන ජලය සම්බන්ධයෙන් එම සංවිධායකයින් දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රේමි ලැම්බර්ට් (Rémi Lambert ) මහතා සහ ගරු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අතර විශේෂ හමුවක් ඊයේ (03) බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණි.

Read More

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය කඩිනමින් අහෝසි කිරීමට ආණ්ඩුවට සැලැස්මක් නොමැති බවත්, කෙසේ වෙතත් එම විභාගයේ පීඩනය අඩු කිරීමට වන පියවර 2028 හෝ 2029 වන විට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

Read More

මත්ස්‍ය සැපයුම අඩුවීම හේතුවෙන් මේ දිනවල මාළු මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැව් ගාල්ලේ පාරිභෝගිකයින් පවසති. අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ධීවර කාර්මිකයින් මුහුදු යාමෙන් වැලකී සිටීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇත.මේ හේතුවෙන් සෑම මත්ස්‍ය වර්ගයකම කිලෝවක මිල රුපියල් 1300. 1500 දක්වා ඉහළ ගොස් ඇති බැව් පාරිභෝගිකයින් පෙන්වා දෙති.

Read More

පෑනක් ආකාරයේ නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමග පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 43 වියැති පුද්ගලයෙකි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.