ඖෂධයක හිඟයක් ගැන චමල් සංජීව කියයි
ශල්‍යකර්ම වලට භාජනය වන රෝගීන්ට නිර්වින්දනය සඳහා ලබාදෙන ප්‍රධානතම ඖෂධයක් වන Drug of God ලෙස හඳුන්වන ප්රොපෆොල් propofol I fusion/ injection හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.
දිවයින පුරා රෝහල්වල ප්‍රධාන ශල්‍ය කර්මවලට භාජනය වුණු රෝගීන් සඳහා බහුල ලෙස භාවිතා වන මෙම ඖෂධය රෝහල් හා වෛද්‍ය සැපයුම් ඒකකය තුළ අඩු තොග මට්ටමකින් පවතින බැවින් ඉදිරි කාලයේදී මෙම ඖෂධය කඩිනමින් රෝහල් පද්ධතියට සැපයීමට නොහැකි වුවහොත් ප්‍රධාන ශල්‍යකර්ම පවත්වාගෙන යාමේ ගැටළුවක් මතුවිය හැකි බැවින් කඩඉමින් මේ සම්බන්ධව රජයේ අවධානය යොමු විය යුතු බව ඒ මහතා පෙන්වා දෙයි.
මේ වෙනුවට ලබා දෙන ආදේශක නිර්වින්දන ඖෂධ පවතින නමුත් එම නිර්වින්දක ආදේශක ඉහත ඖෂධය තරම්ම කාරක්ෂමතාවක් හා රෝගීන් කෙරෙහි ප්‍රතිචාරයක් නොදැක්වීම මත වෛද්‍යවරුන් වැඩි වශයෙන් propofol injection නිර්වින්දන කටයුතු සඳහා භාවිතා කරන බව වෛද්‍යවරයා සඳහන් කරයි.
ඉදිරියේදී උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවිය හැකි බවට පසුගියදා රජයේ ඖෂධ වෙදීන්ගෙන් සංගමයේ සභාපති අජිත් තිලකරත්න මහතා ද රජයට අනතුරු ඇඟවිය.
අහංගම සුමතිපාල දීයගහගේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

