යුරෝපයට උදා වී ඇති ශීත ඍතුව වෙනුවෙන් කසකස්තානයේ සිට එරට සංචාරකයන් රැගත් එයාර් අස්තානා ( Air Astana ) පළමු මංගල ගුවන් යානය ( Inogaral Flight ) 12/25 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .
කසකස්තානයේ අල්මාආටා නුවර ජාත්‍යාන්තර ගුවන් තොටුපොළේ සිට කේ.සී.- 167 දරන එයාර් අස්තානා ගුවන් යානය 12/25 දින සවස 04.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 182 ක් සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු පැමිණ සිටියහ .
මෙම ගුවන් යානා සදුදා සහ බ්‍රහස්පතින්දා වශයෙන් සෑම සතියකම දින 02 ක් , එළඹෙන 2026 වසරේ මාර්තු මස 31 දින තෙක් කසකස්තානයේ අල්මාආටා සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතය .