saravita-anim2

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

2026 ජනවාරි මස 13 වන අඟහරුවාදා

Latest News - timelapse 0 hours ago

LATEST

රිය අනතුරු පහකින් පහක් මරුට

calendar_today 2026 ජන 13 - 11:27 remove_red_eye - 21  

දිවයිනේ ස්ථාන පහක ඊයේ සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් මරුට

ඉරානය සමඟ වාණිජ සබඳතා ඇති රටවල භාණ්ඩ සඳහා 25% ක තීරු බද්දක් පැනවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳුදා ප්‍රකාශ කළේය. මේ වන විට ඉරාන රජයට ඒරෙහිව එරට ජනතාව නැගී සිටින අතර ඒය පාලනය කිරීම ​සඳහා ඉරාන රජය දැඩි මිල්ටරි ක්‍රියාමාරග ගනිමින් සිටියි.

Read More

තේ, කුළුබඩු, පලතුරු, එළවළු, පොල් ආශ්‍රිත නිෂ්පාදන, ශීත කළ මුහුදු ආහාර ඇතුළු සැකසූ ආහාර, ඉදිකිරීම් ද්‍රව්‍ය සහ අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වැනි ශ්‍රී ලාංකික නිෂ්පාදන සඳහා සෞදි අරාබිය ප්‍රධාන අපනයන වෙළඳපොළක් ලෙස පවතින අතර, වෙළඳ පරිමාවන් අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

Read More

උතුරු , උතුරු-මැද, ඌව, නැනෙනහිර හා මධ්‍යම පළාත්වල අද දිනයේදී වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

හම්බන්තොට සයිනෝපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියට අදාළ ගිවිසුම 2026 පළමු කාර්තුවේදී අවසන් කරනවා - ඇමති විජිත

Read More

කොස්ලන්ද නිකපොත සෙම්බුවත්ත ප්‍රදේශයේ ඉඩමක ගසක් කපමින් සිටි පුද්ගලයෙකු ඊයේ සවස ගසෙහි අත්තක් අධිබලැති විදුලිරැහැනක ගැටීමෙන් පසු විදුලිසැරවැදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලිසිය පැවසීය.

Read More

ප්‍රදේශයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය සහ නොකඩවා ඇද හැලෙන තද වර්ෂාව හේතුවෙන් ගලෙන්බිදුණුවැව කොට්ඨාසයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වැව් රැසක ජල මට්ටම මේ වන විට සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පවතින ප්‍රධාන වැව් වන හුරුළුවැව, මානන්කට්ටිය, අලුත් දිවුල්වැව සහ කිවුලේකඩ යන වැව්වල ජල මට්ටම උපරිම ධාරිතාවට ආසන්න වී ඇති බව වාරිමාර්ග නිලධාරීහු පවසති.

Read More

දැරණියගල, නූරිය වත්තෙහි භූමි දානය කල චන්ද්‍ර කුමාර් රංජිත් කුමාර් නැමැති (වයස අවුරුදු 14) දරුවාගේ දේහය වැඩිදුර පරික්සණ සදහා අද දින (12) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් චමෝද් ජයසේකර මහතාගේ නියෝග මත එම දේහය මිහිදන් කල නූරිය වත්ත පොදු සුසාන භූමියේ දී ගොඩ ගෙන කොළඹ අධිකරණ හා විෂවේ දී ආයතනයට එම දේහය පිලබදව දෙවන පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විම සදහා ගෙන යන ලදී .

Read More

“පාර්ලිමේන්තු පරිශ්‍රයේ මත්ද්‍රව්‍ය, මත්පැන් සහ සිගරට් පාවිච්චි කරන සේවකයන් පිරිසක් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න තීරණය කර ඇත ” යන මැයෙන් මාධ්‍ය වල පළවන ප්‍රවෘත්ති අසත්‍යයි - ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් කාර්යාලය

Read More

අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සදහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් පවසයි.

Read More

රට යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළ කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ක්‍රියාත්මක ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළෙහි සමාරම්භක උළෙල හෙට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ලෝටස් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

Read More

සිසු ඝනත්වය අඩුවීයාමෙන් මේ වන විට ඇල්පිටිය අධයාපන කලාපයේ පාසල් දහසයක් වැසීයාමේ දැඩි තර්ජනයකට ලක්වී ඇති බව ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පුබුදු මලවලආරච්චි මහතා කීවේය.

Read More

තමන් ඇතුළු පිරිස ආරම්භ කළේ සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නොවන බවත් සත්‍යග්‍රහය හා උපවාසය අතර වෙනසක් ඇති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවතා දමන ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යවරිය එම ධුරයෙන් ඉවත් වන ලෙසත් සඳහන් කරමින් ආරම්භ කළ සත්‍යග්‍රහය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. තමන් සත්‍යග්‍රහයෙන් නැගිට ගිය විට එහි ඉඳ ගැනීම වෙනුවෙන් තවත් පිරිසක් සූදානමින් සිටින බවත් ඔහු කීය.

Read More

බස්රථ රියදුරන්ගේ සහ කොන්දොස්තර්වරුන්ගේ හිගය හේතුවෙන් බස්රථ ධාවනයට එක් කිරිමේ දි ශ්‍රිලංගම රුහුණු ප්‍රා දේශිකය ගැටළු රැසකට ලක්ව ඇති බැව් එහි ප්‍රා දේශිය කළමණාකරු උපුල් චන්දන මහතා පවසයි.

Read More

රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු 01/12 දින අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම උදෙසා දිවයිනේ බන්ධනාගාර දහයක රැඳවියන් තම ආහාර වේලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අගමැති හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය ආරමභ කර තිබේ.

Read More

මුන්දලම පොලිස් වසමේ නවදන්කුලම ප්‍ර දේශයේදී හලාවත දෙස සිට පුත්තලම දෙසට ධාවනය වූ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක මුහුණට මුහුණ ගැටි අනතුරක් සිදුව ඇත.

Read More

චීන විදේශ කටයුතු පිළිබද අමාත්‍ය වොන්ග් ඊ ( Wang Yi ) මහතා ශ්‍රී ලංකාවේ එක් දින නිල සංචාරයක් සදහා 01/12 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය. ඔහු සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් 17 දෙනෙකු ද එම ගුවන් යානයෙන්ම පැමිණ සිටියහ.

Read More

2026 මුල් දින හතර තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 33076ක් පැමිණ තිබේ. ඒ අනුව දිනක පැමිණිම ආසන්න වශයෙන් 8250 ක් පමණ වෙයි. ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණ වසර වන්නේ 2025 වන අතර එම වසරේදී ලංකාවට සංචාරකයන් 2362521ක් පැමිණ තිබුණි.

Read More

ගාල්ල මහනගර සභාවේ කැළිකසල කළමණාකරණ ඒකකයේ ඇති වාහන වලින් සියයට අනුවක් පමණ අබලන් තත්ත්වයේ පවතින බැව් ගාල්ල මහනගරසභාවේ මහනගරාධිපති සුනිල් ගමගේ මහතා පවසයි.

Read More

ත්‍රීරෝද රථ සොරකම් කල සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට - නුගේගොඩ කොට්ඨාසය අපරාධ විමර්ශන අංශය.

Read More

ලොරි රථය ගැටීමට පෙර රියදුරු ලොරි රථයෙන් පැන තිබෙයි .රියැදුරු සුළු තුවාල ලබා රඹුක්කන රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර වැඩිදුර පරීක්ෂණ රඹුක්කන පොලිසිය පවත්වයි .

Read More

ආණමඩුව ජලසම්පාදන ව්‍යාපෘතිය ආරම්භකොට වසර අටක කාලයක් ගතවි තිබු අතර ඒ සදහා රුපියල් මිලියන 5,983ක මුදලක් වැයකොට තිබු නමුත් ජල සම්බන්දතා කිසිවක් ලබා දි නොතිබු බව විගණකාධිපතිවරයා විසින් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සදහන් වේ.

Read More

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය අවස්ථා කිහිපයකදී බාහිර පාර්ශ්වයක ග්‍රහණයට ලක්ව තිබීම නිරීක්ෂණය වී ඇති බවත් එය යථාවත් කිරිමට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

කොකේන් නැමැති මත්ද්‍රව්‍ය ළග තබා ගෙන සිටි නීතිඥවරයෙකු සහ ඔහු සමග සිටි තවත් පුද්ගලයින් හතර දෙනෙකු සැකපිට මිරිස්ස ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.

Read More

ගිනිකොනදිග ඕස්ට්‍රේලියාවේ පැතිරයන ලැව් ගිනි හේතුවෙන් ගොඩනැගිලි 300කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබේ.

Read More

දිට්වා සුළි කුණාටුව නිසා හානියට පත් වූ උතුරු දුම්රිය මාර්ගය ඉන්දියානු රජයේ ආධාර ඇතිව මහව සිට අනුරාධපුර දක්වා නවීකරණරණ කටයුතු අද (11 ) දින මහව දුම්රිය ස්ථානයේදී ආරම්භ කෙරිණි. ඒ ඉන්දියානු මහ කොමසාරිස් ශ්‍රී සන්තොස් ජා මහතා හා ප්‍රවාහන මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහභාගීත්වයෙනි.

Read More

පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ පළමු අදියරේ ජලය,ලබන මහ කන්නට පෙර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බැව් වාරිමාර්ග නියෝජ්‍ය ඇමති අරවින්ද සෙනරත් මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ පහළ උමා ඔය වාරි ව්‍යාපෘතිය පිළිබඳව අලිකොටේ ආර ජලාශ වාරිමාර්ග කාර්යාල පරිශ්‍රයේදී (10) වෙනිදා පැවති සාකච්ඡාවකදීය. පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙම මෙම සාකච්ඡාව පැවැත්විණි.

Read More

මහා භාණ්ඩාගාරය විසින් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුව වෙත 2025 වර්ෂයට අඳාළව ලබා දුන් ආදායම් ඉලක්කය ඉක්මවා ආදායම් ඉපයීමට එම දෙපාර්තමේන්තුව සමත් වූ බව වත්මන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.