රිය අනතුරු පහකින් පහක් මරුට
- 13 01 2026
- 11:27
- {{hitsCtrl.values.hits}} views
- ..
දිවයිනේ ස්ථාන පහක ඊයේ සිදුවූ මාරක රිය අනතුරු පහකින් පුද්ගලයන් 5ක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
වැලිවේරිය පොලිස් වසම - 2026.01.12 වන දින උදෑසන කාලයේ වැලිවේරිය පොලිස් වසමේ කඩුවෙල බැලුම්මහර මාර්ගයේ හීන්පන්විල ප්‍රදේශයේදී වැලිවේරිය දෙස සිට බැලුම්මහර දෙසට ධාවනය වූ යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට ගිය කැබ් රථයක ගැටී අනතුරුව විදුලි රැහැන් කණුවකද ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත. මරණකරු වයස අවුරුදු 33 ක් වූ දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ කැබ් රථයේ රියැදුරුද ගම්පහ රෝහලේ ප්‍රථිකාර ලබන අතර වැලිවේරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
පොතුහැර පොලිස් වසම - 2026.01.12 වන දින උදෑසන කාලයේ පොතුහැර පොලිස් වසමේ කොළඹ කුරුණෑගල මාර්ගයේ කුරිපොත්ත ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට පොල්ගහවෙල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරුවන් දෙදෙනා හා පසුපැදිකාරියක් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී පසුපැදිකාරිය මියගොස් ඇත. මරණකාරිය වයස අවුරුදු 65 ක් වූ තලවත්තේගෙදර ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොතුහැර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
රිදීමාලියද්ද පොලිස් වසම - 2026.01.12 වන දින සවස් කාලයේ රිදීමාලියද්ද පොලිස් වසමේ බිබිල පදියතලාව මාර්ගයේ අරාව ප්‍රදේශයේදී බිබිල දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ටිපර් රථයක පිටුපස ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා ඇකිරියන්කුඹුර රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 23 ක් වූ ගිරාඳුරුකෝට්ට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය ඇකිරියන්කුඹුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ජාඇල පොලිස් වසම - 2026.01.12 වන දින සවස් කාලයේ ජාඇල පොලිස් වසමේ කොළඹ මීගමුව මාර්ගයේ දඬුගම ප්‍රදේශයේදී ජාඇල දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ ප්‍රයිමුවර් රථයක් බස් නැවතුම්පොලක් අසල රැඳී සිටි පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් පදික පුද්ගලයා බරපතල තුවාල ලබා සීදූව විජය කුමාරතුංග රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත. මරණකරු වයස අවුරුදු 26 ක් වූ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. අනතුරට සම්බන්ධ ප්‍රයිමුවර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ජාඇල පොලිස් වසම - 2026.01.12 වන දින සවස් කාලයේ ජාඇල පොලිස් වසමේ මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කොටුගොඩ ප්‍රදේශයේදී මිනුවන්ගොඩ දෙස සිට ජාඇල දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයට ඉස්සර කිරීමට යාමේදී මාර්ගයේ පෙරලී ගොස් පැදිකරු එම ලොරි රථයට යටවී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පසුපැදිකරු තුවාල ලබා ජාඇල රෝහලට ඇතුලත් කර ඇත.මරණකරු වයස අවුරුදු 26 ක් වූ කොටදෙණියාව ප්‍රදේශයේ පදිංචි දෙහිවල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකි.
මෘත ශරීරය ජාඇල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. ජාඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
