රියදුරු හා කොන්දොස්තර හිඟය නිසා ලංගම රුහුණු ප්රාදේශීකයට ගැටළු රැසක්
බස්රථ රියදුරන්ගේ සහ කොන්දොස්තර්වරුන්ගේ හිගය හේතුවෙන් බස්රථ ධාවනයට එක් කිරිමේ දි ශ්රිලංගම රුහුණු ප්‍රා දේශිකය ගැටළු රැසකට ලක්ව ඇති බැව් එහි ප්‍රා දේශිය කළමණාකරු උපුල් චන්දන මහතා පවසයි.
බස්රථ රියදුරන් හා කොන්දොස්තර්වරුන් සේවය අත්හැර විදේශගතවිම, විශ්‍රාමයාම ආදි ගැටළු හේතුවෙන් ශ්රිලංගම රුහුණු ප්‍රාදේශිකයේ සේවකයින්ගේ හිගයක් පවතින බවද හෙතෙම පවසයි. මෙම සේවකයින් විශ්‍රාමයාමට සාපේක්ෂව අලුතින් බදවා නොගැනිම නිසා මෙම තත්ත්වය උදාවි ඇති බව පෙන්වාදෙන උපුල් චන්දන මහතා 2025 වර්ෂයේ ජනවාරි මාසය තුල ශ්රිලංගම රුහුණු ප්‍රා දේශිකය විසින් දිනපතා බස්රථ 455ක් 460ක් අතර සංඛ්‍යාවක් ධාවනයට එක්කොට තිබු බවද හෙතෙම පවසයි'
සේවක හිගය හේතුවෙන් මේවනවිට ධාවනය වන්නේ බස්රථ 435ක් බව සදහන් කළ රුහුණු ප්‍රාදේශිකයේ ප්‍රධාන කළමණාකාරවරයා එහෙත් දෛනික ආදායමේ අඩුවිමක් සිදුවි නොමැති බවද හෙතෙම පවසයි. ශ්රිලංගම රුහුණු ප්‍රා දේශිකයේ දෛනික ආදායම රුපියල් එක්කෝටි තිස්පන්ලක්ෂයක් බවද රුහුණු ප්‍රා දේශිකයේ ප්‍රධාන කළමණාකාරවරයා වැඩිදුරටත් සදහන් කළේය.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
