පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ පළමු අදියරේ ජලය, මහ කන්නට පෙර ගොවීන්ට
පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ පළමු අදියරේ ජලය,ලබන මහ කන්නට පෙර ගොවීන්ට ලබාදීමට පියවර ගන්නා බැව් වාරිමාර්ග නියෝජ්‍ය ඇමති අරවින්ද සෙනරත් මහතා පැවැසීය. ඒ මහතා එසේ පැවසුවේ පහළ උමා ඔය වාරි ව්‍යාපෘතිය පිළිබඳව අලිකොටේ ආර ජලාශ වාරිමාර්ග කාර්යාල පරිශ්‍රයේදී (10) වෙනිදා පැවති සාකච්ඡාවකදීය. පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ ඉඳිකිරීම් කඩිනම් කිරීම සම්බන්ධයෙන් මෙම මෙම සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ වාරි මාර්ග නියෝජ්‍ය ඇමතිවරයා, "පහළ උමා ඔය වාරි ව්‍යාපෘතියේ ඉඳිකිරීම් ආරම්භ කර ඇත්තේ 2012 වර්ෂයේදී.නොයෙකුත් හේතූන් මත අවුරුදු දාහතරක් තිස්සේ ඉඳිකිරීම් අවසන් කිරීමට නොහැකි වුණා.මේ සඳහා ණය ආධාර සහ වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ මුදල් යොදවනවා.
2026 ජූනි මාසය වන විට පළමු අදියරේ වැඩ නිමකර කුඹුරු වලට ජලය සැපයීමට බලාපොරොත්තු වෙනවා.මෙම ව්‍යාපෘතිය තුළින් කුඩාඔය,තණමල්විල ප්‍රදේශ වල අක්කර දසදහස් ගණනක් අස් වැද්දීමට පුළුවන්.කුඩාඔය තණමල්විල ප්‍රදේශයේ කුඩා වැව් වලටද මෙම ව්‍යාපෘතිය යටතේ ජලය සපයනවා.
මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රදේශයේ ජනතාවගේ ආදායම් තත්වය නංවාලීමට හැකිවෙනවා. කුමන ප්‍රශ්න ආවත් මෙම මෙම ව්‍යාපෘතියේ පළමු අතරිය අදියර ජූනි මාසයට පෙර නිම කරනවා. අනතුරුව නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන මීගස්ආර,කුඩාඔය,සිංහලයාගම යන ප්‍රදේශ වල සංචාරකය යෙදෙමින් ඉඳිකිරීම් කටයුතු නිරීක්ෂණය කරන ලදි."
මෙම අවස්ථාවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා නියෝජ්‍ය ඇමති ආර්.එම් ජයවර්ධන,මොනරාගල දිස්ත්‍රික් පා.ම චතුරි ගංගානි,වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය සභාපති ඩබ්ලිව් නිහාල්,මොණරාගල වාරිමාර්ග අධ්යක්ෂ වසන්ත,වැල්ලවාය වාරිමාර්ග ඉංජිනේරු චන්දිම සේනාරත්න යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
