මහා පරිමාණ ත්‍රී රෝද රථ සොරකමක් පොලීසිය හෙළි කර ගනියි
- 12 01 2026
- 07:21
- {{hitsCtrl.values.hits}} views
- ..
මිරිහාන පොලිස් ස්ථානයට 2025.12.28 වන දින වාර්ත වී තිබූ ත්‍රීරෝද රථයක් සොරකම් කිරීම සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කරන ලද විමර්ශනයක් අනුව 2026.01.10 වන දින ත්‍රීරෝද රථ සොරකම් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී 2026.01.11 වන දින ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු මත සොරා ගන්නා ලද ත්‍රිරෝද රථය කුරුවිට ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.
සිදුකරන ලද වැඩිදුර විමර්ශනයේදී යටියන්තොට, බලංගොඩ, බදුල්ල හා බත්තරමුල්ල ප්‍රදේශවලදී සැකකරුවන් විසින් සොරා ගන්නා ලද තවත් ත්‍රීරෝද රථ 10 ක් විමර්ශන නිලධාරීන් විසින් සොයාගෙන ඇත.සැකකරුවන් අවුරුදු 30,32 හා 46 වයස්වල පසුවන කැලණිය, අම්බලන්තොට හා පරකඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
සැකකරුවන් විසින් ත්‍රීරෝද රථවල වර්ණය, චැසි අංක හා එංජින් අංක වෙනස් කර ව්‍යාජ අංක තහඩු හා ව්‍යාජ ලියකියවිලි සකස්කර අලෙවි කිරීමට සූදානම්කර තිබී ඇත. නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
