කොස්ලන්ද නිකපොත සෙම්බුවත්ත ප්රදේශයේ ඉඩමක ගසක් කපමින් සිටි පුද්ගලයෙකු ඊයේ සවස ගසෙහි අත්තක් අධිබලැති විදුලිරැහැනක ගැටීමෙන් පසු විදුලිසැරවැදී ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ පොරඹ හේවගේ අඹේරත්න නමැති පනස් දෙක හැවිරිදි පුද්ගලයෙකු බවද පොලිසිය පැවසීය.
තම ඉඩමේ මෙසේ ගසක් කැපීමට මුලින්ම එහි අත්තක් කපමින් සිටියදී ගසෙහි අත්ත අසලින් ඇද තිබූ අධි බලැති විදුලි රැහැනක පැටලීමෙන් පසු මෙසේ විදුලි සැර වැදී ඔහු ජීවිතක්ෂයට පත් වී තිබේ.
කොස්ලන්ද පොලිසියේ පරීක්ෂණ පවත්වයි.