තමන් ඇතුළු පිරිස ආරම්භ කළේ සත්‍යග්‍රහයක් මිස උපවාසයක් නොවන බවත් සත්‍යග්‍රහය හා උපවාසය අතර වෙනසක් ඇති බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසිය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නවතා දමන ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන අග්‍රාමාත්‍යවරිය එම ධුරයෙන් ඉවත් වන ලෙසත් සඳහන් කරමින් ආරම්භ කළ සත්‍යග්‍රහය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය. තමන් සත්යග්රහයෙන් නැගිට ගිය විට එහි ඉඳ ගැනීම වෙනුවෙන් තවත් පිරිසක් සූදානමින් සිටින බවත් ඔහු කීය.
