saravita-anim2

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

2026 පෙබරවාරි මස 01 වන ඉරිදා

Latest News - timelapse 5089 hours ago

LATEST

අනුරගේ චෝදනාවට නිමල් පිළිතුරු දෙයි

calendar_today 2022 නොවැ 23 - 13:20 remove_red_eye - 703  

ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කරන ජපානයේ තයිසේ සමාගමෙන් තමන් කොමිස් ලබාගත් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සිදුකළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පාර්ලමේන්තුව තුළ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කළේය.

ශ්‍රවණාබාධිත තරුණයාගේ ඒ ටි එම් කාඩ් පත සොරාගෙන ශල්‍යකර්මය සිදුකිරීම එකතු කර තිබූ මුදලින් රුපියල් 292,000 ක මුදලක් වරින් වර සොරාගත් ඔහුගේ කුළුපග මිතුරා අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් තමන්ගේ මතයට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණේ නම් සමගි ජන බලවේගයේ පිරිසක් ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මතයට එකඟ වෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමෙන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය. ’දේශපාලනයෙ සදාකාලික මිතුරෝද සතුරෝද නැත’ යැයි ඔහු සඳහන් කළේය.

Read More

ඒත් හිතනවානම් තව අරගලයක් කරන්න. පාරේ යනවනම් පර්මිට් නැතිව ඒක නවත්වනවා. ඒක පොලීසියට කියලා තියෙන්නේ. අරගලයක් තව ඇතිකරනවලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. එහෙම කරන්න ඉඩ දෙන්නේ නෑ. ඩීන් ඩියම්ලට රටක් නෑ මේ රටේ. කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ මේ රටේ. එයා හොඳයි නම් බැසිල් රාජපක්ෂට විරුද්ධව කථා කරන්න බෑ.

Read More

මෙතෙක් අය වී නැති නිවාස ණය අය කර ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්න යැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ නිළධාරින්ට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී තිබේ.

Read More

ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබාදෙන බවට හා ඒ සඳහා සාකච්ඡා කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර ඇති හෙයින් අයවැය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා අද (23දා) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

Read More

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායකයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක්ද වෙන මුත්තු සිවලිංගම් මහතා අභාවප්‍රාත්ත වී තිබේ.

Read More

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබා පසුව රක්ෂිත බන්ධනාගාර ගත කළ ගල්වැව සිරිධම්ම හිමි නීතිපති උපදෙස් ප්‍රකාරව ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මහෙස්ත්‍රාත් ටී. එන්. එල්. මහවත්ත මහත්මිය අද (23දා) නියෝග කළාය.

Read More

ඩොලර් බිලියනයක ගල් (මැණික්) රටින් පිටට ගිහිල්ලා තියෙනවා. නමුත් අපිට ලැබිලා තියෙන්නේ ඩොලර් මිලියන 170යි. නමුත් මේ ඩොලර් ටික ලංකාවට එන්නේ නෑ. මේ ගැන අපි සාකච්ඡාවක් පවත්වනවා. දින 180ක් තුළ මේ රටට ඩොලර් එන්න ඕන.

Read More

රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා - ගරු කථානායකතුමා මම මන්ත්‍රී ‌නෙමෙයි. මට රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිකමක් දුන්නා. ඔබතුමා ඒ්ක දන්නේ නැත්ද? මට රාජ්‍ය ඇමතිකමක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒතුමට පිංසෙද්ධ වෙන්න. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා - සමාවෙන්න ඇමතිතුමා.

Read More

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතාට පහරදීමට උත්සාහ කිරීම හේතුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළේය.

Read More

ඇමෙරිකානු එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ ඩග්ලස් මන්රෝ යන නෞකාව විජයබාහු යන නමින් අධිකාරියට පත්කිරීම ඊයේ (22දා) සිදුවිය.

Read More

අයවැය තෙවැනි වර කියවිමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාව අද පෙ.ව. 9.30ට පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

Read More

එළඹෙන 2023 වසර සදහා ශ්‍රී ලාංකික හෙදියන් 4,000 ක් බදවා ගෙන රැගෙන යාමට සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් දස දෙනෙකුගෙන් යුතු පිරිසක් අධ්‍යයන චාරිකාවක් සදහා 11/22 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණියහ.

Read More

මුතුරාජා හස්තියා රැකබලා ගැනීම ජාතික සත්වෝද්‍යානයට ලබා ගැනීම පිළිබඳව තායිලන්ත තානාපතිවරයා සමග අමාත්‍ය මහින්ද අමරවීර මහතා සාකච්ඡා කරයි.

Read More

එක්දින ලකුණු දහසේ සීමාවට වේගයෙන්ම ලඟාවූ ලකුණු සබඳතාවේ වාර්තාව සමකිරීමට ඔස්ට්‍රේලියාවේ ඩේවිඩ් වෝනර් හා ට්‍රැවිස් හීඩ් සමත්විය.

Read More

පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය වත්මන් ක්‍රීඩා සමාජය වන එංගලන්ත මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමෙන් වහාම ඉවත්වීමට තීරණය කර ඇත.

Read More

ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ වසර 92 කට පසු දඩුවම් පහරක් සාර්ථක කර ගත් එකම දැල් රකින්නා බවට පත්වීමට මෙක්සිකොවේ ගුලිමෝ ඔචෝවා සමත්විය.

Read More

පොලීසිය අල්ලන හෙරොයින් අයිස් වගේ මත්ද්‍රව්‍ය කිලෝ ගණන් නඩු භාණ්ඩ වශයෙන් තැන්පත් කෙරෙනවා. කාලයකට පසු උසාවියට ඉදිරිපත් කරන කොට ඒවා පැනඩොල් කුඩු හරි පාන්පිටි හරි වෙනවා. ඒ කියන්නේ එම අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය යලි සමාජ ගත වෙනවා කියන එක. මේ සඳහා රජයේ නිලධාරීන් වගේම පොලීසියත් එකතු වෙලා මේ වැරදි කරලා තියෙනවා. සමහර අය සම්බන්ධයෙන් නීතිමය පියවර අරගෙනත් තියෙනවා.

Read More

ඩෙන්මාර්කය හා ටියුනීසියාව අතර ඩී කාණ්ඩයේ පැවති තරගය ජය පැරදුමින් තොරව අවසන්විය. දෝහා හි එඩියුකේෂන් සිටි ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ගෝල වාර්තා කිරිමට කණ්ඩායම් දෙකටම අවස්ථා ලැබුණද ඒවා සාර්ථක කර ගැණීමට කිසිදු කණ්ඩායමක් සමත් නොවීය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතා සිය වත්කම් හා වගකීම් ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙ. වර්ෂ 2022ට අදාළව මෙම වත්කම් හා වගකීම ප්‍රකාශය ඊයේ පාර්ලිමේන්තුවට භාර දී තිබේ.

Read More

ධීවරයින්ගේ අවශ්‍යතාව සඳහා භුමිතෙල් බවුසර් 357ක් පසුගිය සතියේ නිකුත් කිරීමට ඛනිජ තෙල් සංස්ථාව අනුමැතිය ලබා දී තිබිණි. නමුත් ඉන්ධන පිරවුම්හල් මගින් ලබාගෙන ඇත්තේ බවුසර 206ක් (58%) පමණි. මේ සඳහා රජය ඩොලර් ලක්ෂ 33ක අතිරේක පිරිවැයක් දරණු ලැබ ඇති නමුත්, ධීවර ප්‍රඡාවට භුමිතෙල් සැපයීම නිසි ලෙස සිදු කර නැති අතර එමගින් ධීවර ප්‍රජාවට ධීවර කටයුතු නිසි ලෙස සිදු කිරීමට නොහැකිවී ඇති බව ද ලිපියෙන් පෙන්වා දී තිබේ.

Read More

ගෝල 1-1ක් ලෙස ජයපරාජයෙන් තොරව අවසන් වූ ඇමෙරිකා - වේල්ස් තරගයේ ඇමෙරිකාව වාර්තා කළ ගෝලය පැති කිහිපයකින් ඇමරිකාවට සුවිශේෂී වෙයි. ඉන් එක් විශේෂත්වයක් වන්නේ ඔවුන් වසර 08කට පසුව ලෝක කුසලානයකදී වාර්තා කළ පළමු ගෝලය එය වීමයි.

Read More

අරුවක්කාලු කසල ව්‍යාපෘතිය විධිමත්ව නැවත කඩිනමින් ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිළධාරීන්ට උපදෙස් දෙයි.

Read More

2023 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Read More

දෙවරක් ලෝක කුසලානය දිනූ ආර්ජන්ටිනාව පරදා ලෝක කුසලානයේ දැවැන්ත පියවරක් ඉදිරියට තැබීමට සෞදි අරාබිය සමත්විය.ඒ ’සී’ කාණ්ඩයේ අද පැවැති තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගනිමිනි. මෙම තරගය ලුසෙලිහිදී පැවැත්විණි.

Read More

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වැළැකවීම සඳහා ජනාධිපත් කාර්යසාධක බලකායක් පත්කිරීමට කැබිනට් මණ්ඩලයට ඉදිරිත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

මේ හැම දේකටම අපි යර්ස් කියන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය. මම එදත් වැරදිදේට වැරදිය කිව්වා. මගේ අදත් තියෙන මතය තමයි මේ තරම් ඉහළට පොලී අනුපාත ගෙන යාම ගැන එකඟ නෑ. ආර්ථික විද්‍යාව ගැන මොකක් හරි අපිත් දන්නවා. පහළ මට්ටමේ ඉන්න ජනතාව කොහොමද ඉන්නේ. ප්‍රශ්නත් එක්ක තමයි ප්‍රතිපත්ති තීන්දු ගන්න ඕන. හැකි ඉක්මනින් පොලී ප්‍රතිපත්ති පහළට ගේන්න වෙනවා.

Read More

ළමා මන්ද පෝෂණය සම්බන්ධයෙන් තමා කළ පරීක්‍ෂණයක් පිළිබඳ තොරතුරු ජනමාධ්‍ය මඟින් ප‍්‍රචාරය වීමෙන් අනතුරුව නීතීවිරෝධි ආකාරයෙන් තමාගේ වැඩ තහනම් කිරීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වු බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාා ඇතුළු වගඋත්තරකරුවන්ගෙන් තමාට රුපියල් කෝටි 10 වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලමින් වෛද්‍ය චමල් සංජීව මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (22දා) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

Read More

මැතිවරණයකට ඉදිරිපත්වන කිසියම් අපේක්ෂකයෙක් අනුමත මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා වියදම් කළහොත් ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධූරය අහෝසි කල හැකි පරිදි නීතිමය ප්‍රතිපාදන ඇතුලත් මැතිවරණ වියදම් පාලනය කිරීම සඳහා විධි විධාන සැලැස්වීමේ යෝජනාව සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.