ශ්‍රවණාබාධිත තරුණයාගේ ඒ ටි එම් කාඩ් පත සොරාගෙන ශල්‍යකර්මය සිදුකිරීම එකතු කර තිබූ මුදලින් රුපියල් 292,000 ක මුදලක් වරින් වර සොරාගත් ඔහුගේ කුළුපග මිතුරා අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.
සොරා ගත් මුදලින් 285,000 ක මුදලක් ද පොලිසිය මඟින් සොයාගෙන ඇත.
ශ්‍රවණාබාධිත උපකරණ පැළඳි තරුණයෙකු මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගයාන් කහටපිටිය මහතා හමුවට පැමිණ තමන්ගේ ශ්‍රවණාබාධිත බව දුරු කර ගැනීම සඳහා තව මාස කීපයකින් සිදුකරන ශල්‍යකර්මය සඳහා වසරක් තිස්සේ එකතු කරන ලද මුදලින් කිසියම් අයකු රුපියල් 292,000 ක මුදලක් සොරාගෙන ඇති බවට හඬා වැටෙමින් පවසා තිබූ බව පොලිසිය කියයි.
තමන් පුද්ගලික ආයතනයක රැකියාව කරමින් එකතු කරන ලද ලක්ෂ 4කට අධික මුදලක් වරින්වර පෞද්ගලික බැංකුවක තැන්පත් කළ බවත් මුදල් අවශ්‍යතාවයක් මත බැංකුවට ගිය අවස්ථාවේදී තමන්ගේ ගිණුමේ තිබූ මුදල් අඩු වී ඇති බවට දැනගන්නට ලැබුණ බවත් එම තරුණයා තවදුරටත් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා තිබිණි.
ඊට සාවධානව සවන්දුන් ස්ථානාධිපතිවරයා එම තරුණයාව මඳක් හෝ ප්‍රමාද නොකර අදාල බැංකුව වෙත ඔහුව යොමුකර කළමනාකරුට ද දන්වා සිසි ටිවි දර්ශන පරික්ෂා කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
ඒ අනුව සිදුකළ පරීක්ෂාවේ දී ඉකුත් දාහතර වැනි දින කැලණිය හා කඩවත පෞද්ගලික බැංකුවක ඒ ටි එම් කුටියකින් තම කාඩ් පත උපයෝගී කරගෙන කුළුපග මිතුරා මුදල් ලබාගන්නා අයුරු සීසීටීවී කැමරාවේන් දැකගත හැකි වූ බව එම තරුණයා ස්ථානාධිපතිවරයාට දැනුම් දීමට පියවර ගැනීනි.
එම තරුණයා සිදුකළ දැනුම් දීමත් සමගම වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා මිල්ලනිය දික්හේන වත්ත ප්‍රදේශයේ නිවසකට තරුණියක් විවාහ කර ගැනීමේ බලාපොරොත්තුව පැමිණි සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරීන් පිරිසක් යවා අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
තරුණියගේ නිවසට පැමිණි දා සිටම ඒ ආසන්නයේ පදිංචි ශ්‍රවණ ආබාධිත තරුණයා සමග දැඩි හිතවත්කමක් ගොඩනඟා ගත් බවත් දින කීපයක් ගතවෙද්දි තරුණයා සමග බණ්ඩාරගම නගරයට ගිය අවස්ථාවේදී ඔහු ඒටීඑම් යන්ත්‍රයෙන් මුදල් ලබාගැනීමට යතුරු පුවරුවේ සඳහන් කළ රහස් අංකය මතකයේ තබා ගත් බවත් සැකකරු පොලිසිය හමුවේ ප්‍රකාශ කර තිබිණි.
පසු දිනක ඔහුගේ නිවෙසට ගිය අවස්ථාවේ දී මේසය මත තිබූ ඒ ටි එම් කාඩ් පත සොරා ගෙන කැලණිය සහ කඩවත ප්‍රදේශ වල ඒටීඑම් කුටි දෙකකින් මුදල් ලබාගත් බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී වැඩ වැඩිදුරටත් අනාවරණ වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
මුදල් ලබා ගැනීමෙන් අනතුරුව අධිවේගී මාර්ගය ඔස්සේ යළිත් නිවස වෙත පැමිණ ඒ ටි එම් කාඩ් පත තරුණයාගේ නිවසට ගොස් මේසය මත තැබූ බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා බැලීම සඳහා තරුණිය හෝ ඇයගේ පාර්ශවය කිසිදු අයකු නොපැමිණි බව පොලිසිය කියයි.
පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.