විදුලිය ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව තවදුරටත් අධ්‍යනය කර ඒ සඳහා අනුමැතිය ලබා දීම කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡාවට ලක්ව තිබේ.
ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණි.
මේ යෝජනාව තවදුරටත් අධ්‍යයනය කරන ලබන කැබිනට් රැස්වීමේදී අනුමැතිය ලබාදීමට එකඟතාව ඇතිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.