saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 4790 hours ago

LATEST

කිව්. ආර් නැතුව ආ ඇමතිගේ මිනිස්සු පිරවුම්හලේ සේවකයන්ට පහරදෙයි

calendar_today 2022 සැප් 28 - 14:26 remove_red_eye - 974  

අපි ඇමතිගේ මිනිස්සු යැයි මරණීය තර්ජනය කරමින් මහරගම ඉන්ධන හලකට කඩා වැදුණු මැර පිරිසක් එහි සේවකයන්ට සහ කළමනාකරුට පහර දී පළා ගොස් ඇතැයි මහරගම පොලිසිය පවසයි.

එප්පාවල පත්කොලවැටිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ දෙකකට ආසන්න හෙරොයින් මත්කුඩු සමග පුද්ගලයන් දෙදෙනකු ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව එප්පාවල පොලිසිය පවසයි.‍

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 73 වන සංවත්සරය සැමරුමට සමගාමීවයුද හමුදාවේ සියලු රෙජිමේන්තු ධජවලට ආශිර්වාද ලබාගැනීමේවැඩ සටහනක් යුද හමුදාපතිවරයා ඇතුළු හමුදා නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අද (28දා) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී පැවැත්විණි

Read More

මෝදර, මාදම්පිටිය, කජීමා වත්තෙහි නිවාස පෙළ හදිසියේම ගිණි ගැනීමට ලක්වීම සම්බන්ධයෙන් කොළඹ දිසාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අද (28) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කළේය.

Read More

පවතින ආර්ථික අර්බුදය හමුවේ බැංකුවල මූල්‍ය තත්ත්වයන් ආරක්ෂා කරගනිමින් ණය ලබාගෙන ඇති ව්‍යවසායකයන් වෙත උපරිම සහන ලබා දෙන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ ලෝක සංචාරක දිනයට සමගාමීව මහනුවර ඓතිහාසික ස්ථාන දැකබලා ගැනීමේ සංචාරයක නිරත විය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු කිරිමේදී චීනය එහි සාමාජිකයකු වන බැවින් ශ්‍රී ලංකාවට උපරිම සහය ලබාදෙන බවද ප්‍රකාශ කළේය. ශීු ලංකික ජනතාව වෙනුවෙන් මානුෂීය ආධාර ලබාදිමට චිනය නිරන්තරව කටයුතු කරන බවද වැඩි දුරටත් චීන තානාපති කියා සිටියේය.

Read More

ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට එක්වීම සඳහා ජපානයට ගොස් සිටින ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජපාන අග්‍රාමාතය ෆුමියෝ කිෂිඩා මහතා අතර හමුවක් පැවැත්වූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Read More

තලෛමන්නාරම, වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඊයේ (27දා) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

Read More

හිටපු පාතාල නායකයින් වන දෙමටගොඩ සංජීව සහ සමයන්ගේ ගෝලයකු වන දැනට විදේශගතව සිට මෙරට මත්කුඩු ජාලය මෙහෙයවන දෙමටගොඩ ප්‍රියන්ත නමින් හඳුන්වන පුද්ගලයා ගේ අනියම් බිරිඳ වන යුද හමුදාවේ හිටපු ලාන්ස් කෝපල් වරියක් සහ තරුණයකු ලක්ෂ 40 කට වැඩි හෙරොයින් මත්කුඩු තොගයක් සමග ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ ළමයෙකු විය යුතු තැනැත්තෙකුගේ වයස අවුරුදු දහසයේ සිට දහඅට දක්වා ඉහළ නැංවිය යුතු බව ළමයින් සහ තරුණ තැනැත්තන් ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනා වල සඳහන් වේ.

Read More

මොනරාගල ජීලෝන් කඳුවැටියේ ඊයේ (27දා) රාත්‍රියේ සිට ඇවිලෙමින් පවතින ගින්නෙන් කඳු වැටියේ විශාල ප්‍රමාණයක් විනාශවී ගොස් ඇතැයි ආපදා කලමනාකාර ඒකකයේ මොනරාගල සහකාර අධ්‍යක්ෂක ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.

Read More

පාතාල සාමාජිකයන් දෙදෙනෙක් විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග මුල්ලේරියාව වල්පොල ප්‍රදේශයේදී ඊයේ (27දා) රාත්‍රී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය පවසයි.

Read More

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ තෙවනි ජනන යන්ත්‍ර යේ බිඳ වැටීමත් සමග ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවේ වැඩිම විදුලිය නිපදවීම ජල විදුලිය හරහා සිදුකර තිරබේ. එය සමසත් විදුලිය නිශ්පාදනයෙන් සියයට 52කි.

Read More

තොටලග කජීමා වත්ත නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්න හේතුවෙන් නිවාස 80ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් 226ක් අවතැන් වී තිබේ. ඔවුන් කැළණි නදී උයනේ හා මුවදොර උයන ප්‍රජා ශාලාවේ රඳවා සිටියි.

Read More

මහේල උඩවත්ත ලකුණු 43 (පන්දු 27), සනත් ජයසූරිය ලකුණු 37 (පන්දු 25), තිලකරත්න ඩිල්ෂාන් ලකුණු 51 (පන්දු 30), චාමර සිල්වා ලකුණු 34 (පන්දු 24), ඉසුරු උදාන ලකුණු 17 (පන්දු 4) ලෙස විශිෂ්ඨ පිතිකරණයක නිරත වූහ.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යසවස්ථාවේ 17, 18, 19, 20 හා 22 යන සංශෝධන සඳහා වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 18ක් පක්ෂව ඡන්දය ප්‍රකාශ කර ඇති බව Manthri.lk වෙබ් අඩවිය සඳහන් කරයි.

Read More

’රජයේ නිලධරයන්ගේ ඇඳුම’ සම්බන්ධයෙන්, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගේ අත්සනින් තවත් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. මේ අනුව රජයේ සේවකයන්ට ගැලපෙන සුදුසු ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට නියමිතය.

Read More

රජයේ නිලධරයන් විසින් සමාජ මාධ්‍ය ජාලා වෙත අදහස් ප්‍රකාශ කිරීම’ සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතාගෙන් අත්සනින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

Read More

UPDATE ගින්න මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ජනපතිවරයා ජපානයේ සිට ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් දී තිබේ. ඒසේම විපතට පත්වූවන්ට කඩිනම් සහන සලසන ලෙසද ජනපතිවරයා සඳහන් කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවි කරන ඔටෝ ඩිසල් ලීටරයකින් රුපියල් 31.88ක් අලාභ ලබන බව එහි සංඛ්‍යා දත්ත වලින් පෙන්නුම් කරයි.

Read More

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (27) ටෝකියෝ නුවර නිපොන් බුඩොකාන් (Nippon Budokan) හි දී පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

Read More

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස් කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට ලද තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි මෙම විමර්ශනය මෙහෙයවා තිබේ.

Read More

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත හා සොහොයුරාගෙ නිවාස ගිනි තබා වනසා දැමිමට සම්බන්ධ සිද්දියේ ප්‍රධාන සැකකරුවකු වු හලාවත ජාතික ජන බලවේගය පක්ෂයෙ ප්‍රධාන සංවිධායක වරයා ආරච්චිකට්ටුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේන් පසු හලාවත අංක 2 මහෙස්ත්‍රාත් සසිත ද සිල්වා මහතා විසින් රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප නියම කරමින් ඇප මත මුදා හැරිමට පොලිසියට නියෝග කෙරුණි.

Read More

වාද්දුවේ පදිංචි පොලිස් අධිකාරී වරයෙකුගේ නිවසට අද (27දා) අලුයම සොරෙකු ඇතුල්වී එහි තිබූ රන් ආභරණ සහ මුදල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව වාද්දූව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

වන අලින් පළවා හැරීම සඳහා අවශ්‍ය අලි වෙඩි දේශීය ගිණිකෙළි කර්මාන්තකරුවන්ගෙන් මිල දී ගන්නා අතර වසරකට අවශ්‍ය අලි වෙඩි ප්‍රමාණය ලක්ෂ 14කි. මේ සඳහා වාර්ෂිකව රජයට වැය කිරීමට සිදුව ඇති මුදල රුපියල් මිලියන 2800ක් බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ ග්රැම් එකක් බරැති රන් බිස්කට් 08 ක් කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට රැගෙන ගිය ගුවන් තොටුපළ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීවරයෙකු අද (27දා) දහවල් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

Read More

විදේශ රැකියා ලබාදෙන මුවාවෙන් පුද්ගලයන් හත් දෙනකුගෙන් රුපියල් ලක්ෂ හැටක් වංචා සහගතව ලබාගත් 48 හැවිරිදි කාන්තාවක ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

Read More

දෙමටගොඩ දුම්රිය අංගනය තුල ධාවනය වූ දුම්රියක් පැරණි ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් බරපතල අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය පවසයි.

Read More

ජාතික සභාවේ සමාරම්භක රැස්වීම පාර්ලිමේන්තුවේදී ලබන 29දා පෙරවරු 10.30 ට පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.