සතොස භාණ්ඩ 10ක මිල බස්සවයි
ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තව දුරටත් අඩු කිරීමට පියවර ගෙන තිබේ. නව මිල ගණන් අද (24) සිට ක්‍රියාත්මක බව ලංකා සතොස පවසයි.
මේ අනුව වියළි මිරිස් කිලෝවක් රුපියල් 120කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1380කි.
සුදු ලූණු කිලෝවක් රුපියල් 25 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 450කි.
හාල්මැස්සන් කරවල කිලෝවක් රුපියල් 25 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1100කි.
කඩල කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 555කි.
සුදු සීනි කිලෝවක් රුපියල් 12 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 205කි.
දේශීය සම්බා සහල් කිලෝවක් රුපියල් 11 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 199කි.
ටින් මාළු (ග්‍රෑම් 425) ටින් එකක රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 520කි.
ලොකු ලූණු කිලෝවක් රුපියල් 10කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 199කි.
අර්තාපල් කිලෝවක් රුපියල් 10 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 270කි.
වටානා පරිප්පු කිලෝවක් රුපියල් 7 කින් කර ඇති අතර නව මිල රුපියල් 298කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

