අඟුරුවාතොට මුල් ගොඩ කන්දේ දී පොලිස් විශේෂ කාර්ය බළකායේ සැරයන්වරයකුට පහර දී ඔහු සන්තකයේ තිබූ රුපියල් එක් ලක්ෂ 4000 ක මුදලක් කොල්ල කෑ ප්රධාන සැකකරු ලුණුගම්වෙහෙර ප්රදේශයේදී වසර දෙකකට පසු අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි.
සැකකරු ගංජා ජාවාරමේ යෙදෙන බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව ගංජා මිලදී ගැනීමේ මුවාවෙන් සැකකරු හමුවට උපාය දූතයකු ලෙස ගිය පොලිස් සැරයන්වරයාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් එක්ලක්ෂ 4000 මුදලක් සැකකරු කොල්ලකා තිබිණි
අදාල සිද්ධියෙන් අනතුරුව සැකකරු අඟුරුවාතොට ප්රදේශයෙන් පලාගොස් තිබූ අතර සැකකරුට විරුද්ධව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණි
මෙම මස 17 වැනි දින අඟුරුවාතොට ප්රදේශයේ සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරු ලුණුගම්වෙහෙර ප්රදේශයේ රැඳී සිටින බවට අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාට ලද තොරතුරකට අනුව
එම නිවස සොයා ගොස් වැටලීමේදී එම සිද්ධියේ සැකකරු සහ මෙම සැකකරු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
සැරයන් වරයාට පහරදී මුදල් කොල්ල කෑමෙන් අනතුරුව සැකකරු ලුණුගම්වෙහෙර ප්රදේශයේ ඥාති නිවසකට පලාවිත් එළවළු වගා කරමින් එහි රැඳී සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත
අත්අඩංගුවට ගත් සැකකරු හොරණ මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අඟුරුවාතොට පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සිල්වා මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ