ලාඕසයේ පරිගණක ක්ෂේත්රයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 24 දෙනෙකු තමන්ට පැවරූ පරිගණක මූල්‍ය වංචා සිදු නොකිරීම නිසා එරට විශේෂිත කළාපයක කොටු වී සිටියදී අද (24දා) දින ඔවුන් බේරා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි.
මොවුන් හම්බන්තොට සහ ගාල්ල ඇතුළු දකුණු පළාත නියෝජනය කරන පරිගණක පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලැබූ තරුණයන් පිරිසකි.
ඔවුන් මීට මාස 04 කට පමණ පෙර ලාඕසයේ " බොකියෝ " (Bokio ) හි , චීනය විසින් පාලනය කරනු ලබන රන් ත්‍රිකෝණයේ විශේෂිත ආර්ථික කළාපයේ (Special Economic Zone ) පරිගණක ක්ෂේත්රයේ රැකියා සදහා ව්‍යාපාරික වීසා යටතේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවී පිටත්ව ගොස් තිබේ.
එහිදී මෙම කලාපයට ඇතුළු වත්ම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර, ජංගම දුරකථන සහ අනෙකුත් වටිනා ලියකියවිලි සියල්ල මොවුන් රැගෙන ගිය සමාගම විසින් තම භාරයට ගෙන තිබේ.
ඉන්පසුව මෙම විශේෂිත කළාපය තුළ පිහිටි සමාගමේ කාර්යාලය වෙත රැගෙන ගිය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස වෙත තම රැකියාවේ කාර්යයභාරය ලෙස විවිධ ගිණුම් ක්‍රම භාවිතා කරමින්මෙ ම කළාපය තුළ ව්‍යාජ ලෙස විවිධ ආයෝජන අවස්ථා පවතින බව පෙන්වා දෙමින් , මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ගෙන් , අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචනික ලබා ගැනීමට කටයුතු කරන ලෙස දන්වා තිබේ.
මෙම කටයුත්ත ප්‍රතික්ෂේප කළ මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිසට මෙම විශේෂිත ආර්ථික කළාපයෙන් පිටවීමට, මේ සිදුවීම පිළිබඳව ශ්‍රී ලංකාවට හෝ බාහිර ලෝකය දැනුවත් කිරීමට අවස්ථාවක් ලබා නොදී සිරගත තත්වයකට පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ .
එහෙත් පරිගණක පිළිබඳව මනා නිපුණත්වයක් ඇති මෙම ශ්‍රී ලාංකික තරුණයන් පිරිස මෙම බාධක මැඩලමින් දැඩි ප්රයත්නයක් දරා මේ සියලු සිදු වීම් මාලාව ලොවට හෙළි කිරීමට පියවර ගෙන තිබුණි.
ලාඕස රාජ්‍යයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තානාපති නිලධාරීවරයෙකු නොමැති අතර , ඒ වෙනුවට ගරු දූත සේවා නිලධාරීවරයෙකු වශයෙන් දමිත් අලුත්ගේ මහතා කටයුතු කරමින් සිටින අතර ඔහු සහ ශ්‍රී ලංකාවේ " මගෙන් රටට " සිවිල් සංවිධානයේ සභාපති සංජය මහවත්ත මහතා එක්ව දැඩි ප්රයත්නයක් දරා , මෙම තරුණයන් පිරිස මෙම කළාපයේ එම සමාගමෙන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාවට ගෙන ඒමට කටයුතු කර තිබුණි .
ඒ අනුව මෙම තරුණයන් පිරිස ලාඕසයේ සිට තායිලන්තයේ බැංකොක් වෙත ගෙනැවිත්, එතැන් සිට 03/24 දින උදෑසන 10.20 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .