රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මෙවර මහ කන්නයේ දී ගොවීන් වෙතින් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා තිබිනි. ඒ සදහා පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරනු ලැබීය. වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කළේය.
අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතය. ඒ අනුව මාසයකට එක් පවුළකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලයේ ලබා දීමට රජය තීරණය කරනු ලැබීය. පවුල් ලක්ෂ 20කට මෙම සහල් සහනාධාරය ලබා දීමට සැලසුම් කර තිබුනත් පසුව එය ලක්ෂ 29ක් දක්වා වැඩි කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කළේ ඊයේ (25) හම්බන්තොට ලුනම පැවැති උත්සවයකට සහභාගි වෙමිනි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත පවුල්වලින් සියයට 52ක් මෙම නොමිලයේ ලබා දෙන සහල් ඉල්ලා තිබෙනවා. විශාල සංවර්ධනයක් පසුගිය කාලයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිදු වුනත්, විශාල පිරිසක් වී වගා කළත් තවමත් සහනාධාර ඉල්ලන පවුල් සියයට 52ක් සිටිනවා කියන කාරණය සුළුපටු දෙයක් නොවේ යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
නොමිලයේ ලබා දෙන සහල් කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර හා තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබා දීමට ඉල්ලුම් කර ඇති පරිදි ලබා දීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සදහා සහල් ලබා දීම හෙට දින (27) අගුනකොළපැලැස්ස හා වීරකැටියේ දී සිදු කෙරේ.